'සදෙව්මි දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවේ'

ඡායාරූප මූලාශ්‍රය, bb

කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි දැරිය දූෂණය කොට ඝාතනය කළ බවට විශ්වාස කෙරෙන ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා හඳුනා ගෙන සිටින බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයා බෙම්මුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ.

එම පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු කර ඇති ප්‍රකාශයේ සත්‍යතාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවයි පොලීසිය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, b

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කොටදෙනියාව පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය ප්‍රකාශ කළේය.

එසේ කළේ ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කොට ඔවුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා කොටස් දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂනයෙදී ලබා ගත ආගන්තුක කොටස් සමඟ සැසඳීම සඳහා බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි විසින් ප්‍රකාශ කොට ඇත.

එම පරීක්ෂණද සිදු කෙරෙමින් තිබෙන බවයි පොලීසිය පවසන්නේ.