මහින්ද කුරුනෑගලින් තරඟ වැදීමේ උණුසුම

රාජපක්ෂ මැතවරණ මෙහෙයුම-ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජපක්ෂ මැතවරණ මෙහෙයුම-ගෝඨාභය රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණ නාම යෝජනා ලබාගෙන කුරුනෑගලින් ඡන්ද පිටියට පිවිසෙද්දී බොහෝ දෙනාගේ අවධානය එදෙසට යොමු වුනේ එමගින් ඡන්ද උණුසුම ඉහළ යතැයි යන අපේක්ෂාවෙනි.

mahinda rajapaksha

ඡායාරූප මූලාශ්‍රය, bbc

ප්‍රදේශීය වාර්තාකරුවන් පවසන ආකාරයට මේ වන විට කුරුනෑගල මැතිවරණ සටන පනහට පනහේ තරඟයක් බවට පත්ව දැඩි මැතිවරණ උණුසුමක් ඇතිව තිබේ.

නිරීක්ෂනයක්

මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න ගේ නිරීක්ෂණයට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව පසුබා සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින් හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ නව පණක් ලබා ප්‍රචාරණ කටයුතු වල යෙදෙති.තරඟය උග්‍ර වන තරමටම එක්සත් ජාතික පාක්ෂිකයින් ද තමන්ගේ ප්‍රචාරණ කටයුතු පුළුල් කර ගන්නා අතර ජනතා විමුක්ති පෙරමුණ ගෙයින් ගෙට යමින් අත් පත්‍රිකා බෙදමින් බිම් මට්ටමේ ප්‍රචාරණ වැඩ පිළිවෙලක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටිති.

unp_kurunagala

ඡායාරූප මූලාශ්‍රය, bbc

ජනාධිපතිවරණයේ දී කුරුනෑගලින් මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේනට වඩා ඡන්ද ලක්ෂයක් පමණ ලබාගත්තේය.මෙම වාසිදායක තත්වය මහින්ද රාජපක්ෂට කුරුනෑගල තෝරා ගැනීමට හේතු වුවා විය හැකිය.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව මැතිවරණ කොට්ඨාශ දාහතරකින් දොළහක ජයග්‍රහණය හිමි වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.

දීර්ඝ කාලයක් තිස්සේ කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දුන් එස්. බී නාවින්න තමන්ගේ පිළට එක් කර ගැනීම එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද උපක්‍රමයක් විය හැකිය.

මැතිවරණ පොරොන්දු

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙන්ම එක්සත් ජාතික පෙරමුණත් යහමින් මැතිවරණ පොරොන්දු ඉදිරිපත් කරමින් සිටිති.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින මහ ඇමති දයාසිරි ජයසේකර කියා සිටින්නේ එක්සත් ජනතා සන්ධාන පාලන සමය තුළ බිලියන තිස් දෙකක පමණ වූ සංවර්ධන වැඩසටහන් සඳහා ගිවිසුම් අත්සන් කොට ඇති අතර දැන් ඉතිරිව ඇත්තේ ඒවා ක්‍රියාවට නැංවීමේ කාර්යය පමණි.

jvp in kurunagala

ඡායාරූප මූලාශ්‍රය, bbc

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසන්නේ මහින්ද රාජපක්ෂ පරිපාලනයට කිසිදු වැදගත් කර්මාන්ත ශාලාවක් පළාත තුළ ඇති කිරීමට නොහැකි බවත් තමන් ෆොක්ස්වැගන් සමාගම හා කථා කොට කාර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කුලීයාපිටියේ පිහිටුවන බවයි.

දයාසිරි ජයසේකර පවසන්නේ අක්කර තුනක භුමි භාගයක පිහිටුවීමට යෝජිත මේ ෆොක්ක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් තුන් දහසකට රැකියා සැපයීමට හැකි බව පැවසීම විහිළුවක් බවට පත්ව ඇති බවයි.

පසු ගිය පළාත් සභා මැතිවරණයේදී මනාප තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලබාගත් දයාසිරි ජසේකර කියා සිටියේ තමන්ගේ මනාප අඩුවීමට මහින්ද රාජපක්ෂ ගේ පැමිණීම බලපෑමක් ඇති කළත් මනාප වලට වඩා පක්ෂය වැදගත් වන බවයි.

මනාප

මහින්ද රාජපක්ෂ පරාජය වන බවට ජනාධිපති සිරිසේන පසුගියදා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් තුළ කළ කිරීමක් ඇති කිරීමට හේතු වී ඇතැයි දයාසිරි ජසේකර පිළිගත්තේය.

හම්බන්තොට දියුණු කළා සේ කුරුණෑගල දියුණු කිරීම සහ වයඹ පළාතෙන් අගමැතිවරයෙක් පත් කරගැනීම මහින්ද රාජපක්ෂ වේදිකාවන් ඇසෙන ප්‍රධාන උද්‍යෝග පාඨ බවට පත්ව ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න කියා සිටියේ 'මහින්ද රාජපක්ෂ කුරුනෑගලින් තරඟ වෙස් වලා ගත් ආශීර්වාදයක් වෙලා, දෙපැත්තේම බොරුව තේරුම් ගත් ව්‍යාපාරිකයින්,බුද්ධිමතුන්, ගොවි ජනතාව ආදී කොටස් අපිට එක්වෙනවා" යැයි පැවසීය.

ඇතුගල තවත් උනුසුම් වෙයිද?

ඡායාරූප මූලාශ්‍රය, bbc

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතුගල තවත් උනුසුම් වෙයිද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් රැළිය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කුරුනෑගලදී පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය කවරක් වුනත් ඔහුගේ පැමිණීම මැතිවරණ ප්‍රචාරණයට අළුත් උණුසමක් එක් කොට ඇති බවට වැඩි විවාදයක් නැත.

එක්සත් ජාතික පෙරමුණ පවසන්නේ මහින්ද රාජපක්ෂට පසු පෙළ මන්ත්‍රීවරයෙකුට වැඩි දේශපාලන අනාගතයක් නැති බවයි.අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සන්ධානය කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ අනාගත පාර්ලිමේන්තුව තුළ කිසිදු ලෙසකින් නොතකා හැරිය නොහැකි දේශපාලඥයෙක් වන බවයි.