මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහනම් කරන්නැයි ඉල්ලීමක්

රජය මගින් මෑතකදී පිහිටුවා ගත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට නොතිසි නිකුත් කළේය.
පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබින.
පෙත්සම්කරුවන් පවසන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන කැබිනට් අනුකමිටුවක් මගින් පාලනය වන ආයතනයක් බැවින් එම කොට්ඨාශය මගින් සිදුකරන පරීක්ෂණ ස්වාධීන භාවයෙන් තොර බවයි.
එම නිසා අදාල කොට්ඨාශය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
අධිකරණය කියා මෙම චෝදනා සම්බන්ධයෙන් ලබන 17 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන මෙන් නීතිපතිවරයාට නොතිසි නිකුත් කරන බවයි.
පෙත්සම ගොනුකල පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ දුෂිතයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමන් වහන්සේ විරුද්ධ නොවන අතර දේශපාලනීයකරණය වූ පොලිස් ඒකක ක්‍රියාත්මක වීම භයානක බවයි.




