ප්‍රේමදාස ආකර්ශනීය නායකයෙක් - ජනපති

ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 'ආකර්ෂණීය නායකයෙක් වුනා'
ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 'ආකර්ෂණීය නායකයෙක් වුනා'

ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ආකර්ෂණීය නායකයකු වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ උත්සවය අමතා අදහස් දක්වමින්.

හිටපු ජනාධිපතිවරයා අනුස්මරණ උත්සවයට සහභාගි වූ ප්‍රථම රාජ්‍ය නායකයා බවට පත්වීමට ලැබීම සතුටට කරුණක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුව

සිය පියා ප්‍රාර්ථනා කළ සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමත් වූ බව එහිදී සඳහන් කළ සමෘද්ධි සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස, විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කිරීම පිණිස 'ලොව කිසිම නායකයකු නොකරන ආකාරයේ' කැපකිරීමක් කළ බවත් කියා සිටියේය.

උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජාතිවාදයට සහ ත්‍රස්තවාදයට එරෙහි වූ හිටපු ජනාධිපති ප්‍රේමදාස දෙමළ ජනතාව දිනා ගැනීම පිණිස දැඩි උත්සාහයක යෙදුන බව සඳහන් කළේය.

ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස 1993 මැයි පළමුවනදා එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට සහභාගි වෙමින් සිටියදී එල්ටීටීඊ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.