රුපියල් කෝටි තිස්හයක හෙරොයින් තොගයක් කොළඹින්

මත් ද්‍රව්‍ය මැඩලීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් ගෙන යනු ලබන මෙහෙයුමේ තවත් සන්ධිස්ථානයක් සලකුණු කරමින් විශාල හෙරොයින් තොගයක් අල්ලා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී ඇත.
විදේශයකින් ලද ඔත්තුවක් අනුව කිලෝග්‍රෑම් තිස් හයක් පමණ වන හෙරොයින් තොගය සොයා ගනු ලැබ තිබෙන්නේ ඔරුගොඩවත්තේ පිහිටි රේගු බහාලුම් අංගනයකිනි.
මෙය ශ්‍රී ලංකාවේදී මෑතදී අල්ලා ගනු ලැබුණ දෙවන මට්ටමේ විශාලතම මත් ද්‍රව්‍ය තොගය වන අතර එහි වටිනාකම රුපියල් කෝටි තිස්හයක් පමණ වන බව රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.ඩී.නිකලස් ප්‍රකාශ කරයි.
'හෝටලයක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, SPL
රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කරන ආකාරයට හෙරොයින් තොගය ඒවා තිබෙන්නේ පාකිස්තානයේ සිටයි. බෝල්ට් ඇණ වලට සමාන ව්‍යාජ ඇසුරුම් වල සැඟවූ හෙරොයින් තොගය පෙට්ටි දෙකක තැන්පත් කර කන්ටේනරයක බහා ශ්‍රී ලංකාවට ඒවා ඇති බවයි, රේගු නිලධාරීන් පවසන්නේ.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පවසන ආකාරයට ඉහත කී හෙරොයින් තොගය යොමු කරනු ලැබ තිබෙන්නේ කොළඹ හෝටලයක ලිපිනයකටයි.
එහෙත් එවැනි හෝටලයක් කොළඹ නගරයේ නොමැති බවයි රේගු නිලධාරීන් වැඩි දුරටත් කියා සිටින්නේ.
එම ලිපිනයේ පදිංචි පාකිස්තාන් ජාතිකයකු නමට හෙරොයින් තොගය යොමු කරනු ලැබ ඇති බවත් එම පාකිස්තාන් ජාතිකයා රට තුළ සිටින බවට තොරතුරු ලැබී ඇති බව රේගු අධ්‍යක්ෂ කේ.ඩී.නිකලස් පවසයි.




