කඳවුරු පාලක ලාංකිකයා ඉවත් කිරීමට ඉල්ලීම්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතා එන පිරිස් රඳවා තබන කඳවුරක ලාංකික ඉහළ නිලධාරියකු ඉවත් කරන ලෙස මානව හිමිකම් සංවිධාන ඉල්ලා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, hrlc.org
ඉකුත් සතියේ ආරක්ෂක නිලධාරීන් හා ගැටී එක් අයකු මියගොස් හැත්තෑ හත් දෙනකු තුවාල ලැබූ පැපුවා නිව් ගිනියාවේ මනුස් කඳවුරේ වැඩ බලන ප්‍රධානී දිනේෂ් පෙරේරා ඉවත් කරන ලෙසත් කඳවුර වසා දමන ලෙසත් ඕස්ට්‍රේලියාවේ මානව <link type="page"><caption> හිමිකම් නීති මධ්‍යස්ථානය</caption><url href="http://www.hrlc.org.au/former-sri-lankan-military-commander-should-not-run-manus-island-facility" platform="highweb"/></link> ප්‍රකාශ කරයි.
ඔවුන් කියා සිටින්නේ මනුස් කඳවුරේ රඳවා සිටින 1300කට ආසන්න පිරිස අතරින් තිස් දෙනකු පමණ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් බවයි.
ශ්‍රී ලංකා පාලනයෙන් පළා විත් රැකවරණ පතා සිටින පිරිස් එරට හමුදාවේ හිටපු නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ රඳවා තැබීම මහත් සංවේගයට හේතුවක් බවයි මානව හිමිකම් නීති මධ්‍යස්ථානයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා එමිලි හවී ප්‍රකාශ කළේ.
ආරක්ෂාව සහ වගකීම
අතීතයේ ක්‍රියාකාරකම් පදනම් කර ගෙන පුද්ගලයකුගේ වෘත්තිය ප්‍රශ්න කිරීම වෙනස් කොට සැලකීමක් නොවේ දැයි බීබීසී සංදේශය කළ විමසීමට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂිකා එමිලි හවී කියා සිටියේ රැකියාවක් සඳහා යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ දී දිනේෂ් පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු අණ දෙන නිලධාරියෙක් වග සැලකිල්ලට ගත යුතු බවයි.
අනතුරට වැටීමේ අවදානමකින් යුත් අයගේ ආරක්ෂාව සහ වගකීම් දරන නිලයකට යුද හමුදා පසුබිමක් තිබෙන අයකු පත් කිරීම ‘ඉතාමත් අයෝග්‍ය’ බවත් එමිලි හවී කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, non
දේශපාලන රැකවල් පතා එන අය රැක බලා ගැනීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සැලසීමට ඔස්ට්‍රේලියා රජයටත් වගකීමක් තිබෙන බව මානව හිමිකම් නීති මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
G4S ප්‍රතිචාරය
මනුස් දුපතේ ආරක්ෂක කටයුතු භාර ව දිනේෂ් පෙරේරා යොදවා සිටි G4S සමාගම ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ආයතනයට ප්‍රකාශයක් මගින් දන්වා ඇත්තේ ඔහු වසර ගණනාවක් සේවයේ යෙදී සිටි අයකු බවයි.
ඔහු එම රැකියාව සඳහා සුදුසුකම් සපුරා ලූ අයකු බව සඳහන් කරන G4S සමාගම පවසා ඇත්තේ සේවකයකුගේ වාර්ගිකත්වය හෝ ජාතිය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කිරීමට සුදානම් නැති බවයි.








