'මචං' චිත්‍රපටය දශකයේ හොඳම නිර්මාණ අතරට

මචං චිත්‍රපටයේ දර්ශණයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ශ්‍රී ලාංකික අත්පන්දු කණ්ඩායම' ජර්මනියෙදී අතුරුදහන් වීම මුලින්ම හෙළිකරනු ලැබුවේ බීබීසී වෙබ් අඩවිය විසින්

ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගි වීම පිණිස විදේශගත වීමෙන් අනතුරුව අතුරුදහන් වන ශ්‍රී ලාංකික අත්පන්දු (Handball) කණ්ඩායමක් පිලිබඳ වෘත්තාන්තයක් ඇතුලත් 'මචං' චිත්‍රපටය දශකයේ හොඳම ජාත්‍යන්තර නිර්මාණ අතරට තේරී තිබේ.

වැනිස් චිත්‍රපට උළෙල සංවිධානය කරන දශකයේ හොඳම ජාත්‍යනතර සිනමා සිත්තම තෝරා ගැනීමේ තරඟය සඳහා තෝරා ගන්න ලද හොඳම නිර්මාණ පණහ අතර තිබෙන ශ්‍රී ලාංකික කථා පුවතක් රැගත් එකම චිත්‍රපටය එයයි.

ලොව පැරණිතම සිනමා උළෙලේදී දශකයේ හොඳම නිර්මාණය තෝරා ගනු ලබන්නේ අන්තර්ජාලය සහ ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ සිනමා ලෝලීන්ගේ ඡන්ද විමසීමකින්.

ශ්‍රී ලංකාවේ අත් පන්දු ක්‍රීඩා නොකරන නමුත්, යුරෝපයට යාම පිණිසම අත් පන්දු කණ්ඩායමක් පිහිටුවා ගන්නා තරුණයන් පිරිස, ජර්මනියට ලඟාවීමෙන් අනතුරුව අතුරුදහන් වීම මුලින්ම හෙළිකරනු ලැබුවේ බීබීසී වෙබ් අඩවිය විසින්.

එම පුවත පදනම් කරගෙන උබෙර්තෝ පසොලෝනි සහ ප්‍රසන්න විතානගේ එකතුව නිර්මාණය කරන ලද සිනමා සිත්තමයි, 'මචං'.

http://www.venice-days.com/NEWS.asp?id=1&id_dettaglio=221&t=Vote වෙබ් අඩවිය ඔස්සේ තමන් කැමති නිර්මාණ පහකට ඡන්දය දීමට සිනමා ලෝලීන්ට අවස්ථාව සැලසෙන අතර, ඡන්දය භාවිත කළ හැකි අවසාන දිනය අගෝස්තු 20 වැනි දා.