
මාර්තු 18 වැනිදා කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරුවරියට කැඳවීමක් ලැබී ඇති බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි
අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට නියෝග කිරීම ඇය "දඩයම් කිරීමේ" ආණ්ඩුවේ ක්‍රියා දාමයේ තවත් පියවරක් බව නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
ලබන මාර්තු 18 වැනිදා කොමිසම ඉදිරියේ පෙනී සිටින මෙන් අගවිනිසුරුවරියට කැඳවීමක් ලැබී ඇති බවයි, නීතිවේදීන්ගේ එකමුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙය දෝෂාභියෝග ක්‍රියාදාමයේදී ආචාර්ය බණ්ඩාරනායක දැක්වූ "නිර්භීත ස්ථාවරය" සම්බන්ධයෙන් ඇයගෙන් පාලි ගැනීම පිණිස ආණ්ඩුව ගත ක්‍රියාමාර්ගයක් බව ද එහි සඳහන් වේ.
දෝෂාභියෝග ක්‍රියාදාමයෙන් අනතුරුව ශිරාණි බණ්ඩාරනායක සහ දෝෂාභියෝගයට ප්‍රසිද්ධියේ විරෝධය පළ කළ නීතිවේදීන්ට හිරිහැර කිරීම නවත්වන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන නීතිවේදීන්ගේ එකමුතුව, ආණ්ඩුවේ මතයට විරුද්ධ මතයක් දැරීමේ සියලු ශ්‍රී ලංකාවාසීන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන මෙන් ද ඉල්ලා සිටියි.












