
දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි අභියාචනාධිකරණය තීන්දු කළේය
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශන වාර්තාව අහෝසිකරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව අවලංගු කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විවෘත අධිකරණය ඉදිරියේ විභාග කිරීමට නව අගවිනිසුරු වරයා තීන්දු කොට තිබේ.
ඒ අනුව ගම්පහ පදිංචි එච් ඩබ්ලිව් හේවගේ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම මේ මස 14 වැනි දා අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය ඇයට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බලයක් නැතැයි තීන්දු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු, එම තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.
පාර්ලිමේන්තුව වෙත නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැති බව පෙත්සම්කරු ගේ තර්කයයි.
ශිරාණි බණ්ඩාරනායක ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ එයට එරෙහිව කරුණු දැක්වීමට තමන් අවසර ඉල්ලූ නමුත් එම අවසරය පවා ප්‍රතික්ෂේප කෙරුණු බව ද පෙත්සම්කරු පවසයි.












