
තත්ත්වය පිළිබඳව ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇති බව මන්ත්‍රීවරයා පවසයි
දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති කිරීම සඳහා ක්‍රියා කරන බවට එක්සත් ජාතීන්ට දුන් පොරොන්දු ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක් දරා නැතැයි දෙමළ ජාතික සන්ධානය (දෙජාස) පවසයි.
එම පක්ෂයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ හිටපු නායකයකු වන නායක ආර් රාසමානික්කම් සැමරීම සඳහා මඩකලපුවේ කලවන්චිකුඩි හි පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.
විශේෂයෙන්ම උතුරේ හමුදාකරණය නවත්වන බවටත්, උතුරේ රඳවා සිටින හමුදා භට පිරිස අවප්‍රමාණ කරන බවටත් පසුගිය වසරේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල ඉදිරියේ ප්‍රතිඥා දුන් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, කෙසේ නමුත් එම පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව ක්‍රියා කොට නැති බව ද සඳහන් කළේය.
ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නම් අවතැන් වූ ජනතාවට සිය මුල් පදිංචි ස්ථානවලම පදිංචිවීමට අවසර දිය යුතු බවත්, යුද්ධයේදී අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් මෙන්ම සිරකරුවන් පිළිබඳව ද ඉක්මන් තීරණවලට එළඹීමේ අවශ්‍යතාවය අවධාරණය කරන දෙමළ ජාතික සන්ධානයේ නායකයා, මේ කිසිදු ගැටලුවක් විසඳීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවංක උත්සාහයක් දරා නැති බවයි සඳහන් කළේ.
ඇමෙරිකානු දූත මණ්ඩලය
පසුගිය වසරේ දුන් ප්‍රතිඥා ඉටු කිරීමට අපොහොසත්වීම පිළිබඳව ලබන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදුවනු ඇති බව ද සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු එම අදහස් පළ කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරීන් පිරිසක් සතියකින් මුණ ගැසීමට නියමිතව තිබියදී.
දකුණු ආසියානු කලාපය භාර මුල් පෙලේ ඇමෙරිකානු නිලධාරීන් තිදෙනකු ලබන සෙනසුරාදා පටන් සතියක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසීමද 26 දා ලංකාවට පැමිණෙන ජේම්ස් මුවර්, වික්‍රම් සිං හා ජේන් සිමර්මන් යන රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තු නියෝජ්‍ය ලේකම් වරුන් තිදෙනා ගේ මූලික කාරියක් බවයි තානාපති කාර්යාලය පවසන්නේ.
උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමයි, ඉකුත් මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රජයට කැරුණු එක් ප්‍රධාන නිර්දේශයක් වූයේ.












