
යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පසුගිය නොවැම්බර් මාසයේ සිට අඩාල වී පවතී
පසුගිය නොවැම්බර් මාසයේ සිට අඩාල වී පවතින යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඟහරුවාදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව බලධාරීහු පවසති.
විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පරමු පුෂ්පරාජා බීබීසී සංදේශයට කියා සිටියේ අද සඳුදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුන බවයි.
විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල නියෝජිතයන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්වී තිබේ.
කෙසේ නමුත් දේශනා සඳහා සිසුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව එක් ආචාර්යවරයකු පැවසීය.
යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අත් අඩංගුවට ගත් ආරක්ෂක හමුදා ඉන් සිවුදෙනකු වැලිකන්දේ පුනරුත්ථාපන කඳවුරකට භාරදීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන මෙන් ඉල්ලා ශිෂ්‍යයන් පන්ති වර්ජනයක නිරතවීම හේතුවෙන් නොවැම්බර් 28 වැනිදා සිට යාපන විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අඩපන වී තිබේ.
කෙසේ නමුත් ශිෂ්‍යයන් තවමත් අත් අඩංගුවේ සිටියදී විශ්ව විද්‍යාලය යලි විවෘත කෙරෙන්නේ රජයේ බලපෑම මත බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි බීබීසී සංදේශයට පැවසීය.












