
යාපන විශ්ව විද්‍යාලය වැසී මාසයක් ගතවී ඇතත් තවමත් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කල නොහැකි තත්වයක් ඇතැයි යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ ආචාර්ය එම්.සිවදාසන් ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනකු වැලිකන්ද රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ගෙන පුනරුත්ථාපනය කරන බව තමන්ට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන්වූ බව ආචාර්ය සිවදාසන් පැවසුවේය.
මෙම සිසුන් කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන්ගේ නායකයා ලෙස පිළිගන්නා බව ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කල බව ආරක්ෂක ලේකම්වරයා තමන්ට දැන්වූ නමුත් ආචාර්ය ශිවදාසන් කියා සිටියේ සිසුන් එසේ තමන්ට ප්‍රකාශ නොකළ බවයි.
සිසුන් හට පුනරුත්තාපන කදවුරේ සිට විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා දී ඇති නමුත් විභාගයකට පෙනී සිටීම සඳහා එම පරිසරය සුදුසු නැති හෙයින් සිසුන් එම අවස්තාව ප්‍රතික්ෂේප කල බව ආචාර්ය ශිවදාසන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.












