ආරක්ෂක අංශ විසින් පහර දීමෙන් පසු , යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් දින දෙකක් අධ්‍යයන කටයුතු වලට සහභාගී නොවී පන්ති වර්ජනය කිරීමට තීරණය කොට තිබේ.
උද්ඝෝෂණයක නිරතව සිටි සරසවි සිසුන් සහ ආරක්ෂක අංශ අතර ඊයේ හටගත් ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සරසවි සිසුන් හතර දෙනෙක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සියල්ල පොලීසිය සහ යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමට විරෝධය පළකිරීම සඳහායි එම උද්ඝෝෂණය පැවැත්වුනේ.
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු සිසුන් පස්දෙනකු පිළිබඳව සොයා බැලීමට ගිය තමන්ගේ වාහනයට යුද හමුදා භට පිරිසක් විසින් පහරදී අලාභ හානි සිදුකළ බව දෙමල ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සරවනභවන් ප්‍රකාශ කළේය.
යුද හමුදාවට එරෙහිව අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා සරවනභවන් මන්ත්‍රීවරයාට මූදල් ලැබෙන බවට චෝදනා එල්ල කළ යාපනය යුද හමුදා ආඥාපති මහින්ද හතුරුසිංහ බීබීසි යට පැවසුවේ සිසුන් විසින් ගල්, මුල් සහ බෝතල් වලින් එල්ල කළ ප්‍රහාර වැළැක්වීම සඳහා යුද හමුදා භට පිරිස් ක්‍රියා කොට ඇති බවයි.
මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම මත සිසුන් පස් දෙනා නිදහස් කොට තිබේ.
පොලීසිය පැවසුවේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එල්ටීටීඊ සංවිධානයේ මහවිරු දිනය සැමරීම සඳහා උත්සවයක් නේවාසිකාගාර තුළ සංවිධාන කොට තිබුණු බවට ලැබුණු තොරතුරු අනුව එම සෝදිසි මෙහෙයුම දියත් කළ බවයි.