20/20 ලෝක කුසලානය :ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු ජය තහවුරු කර ගනියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව සුපිරි 12 දෙනාගේ වටයේ පළමු ජය තහවුරු කර ගනියි
2022 ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයේ පළමු ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (ඔක්තෝබර් 23 වැනිදා) සමත්විය.
ඒ, අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 9කින් ජය ගනිමිනි.
මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශ්වාසයකින් යුතුව ඉදිරි තරගයට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇත.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 128කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 15ක් අවසානයේ තරගය ජයග්‍රහණය කළේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 133 ක් රැස් කරමිනි.
කුසල් මෙන්ඩිස් පන්දු 43කින් ලකුණු 68ක් රැස් කළ අතර චරිත් අකලංක ලකුණු 31ක් රැස් කරනු ලැබීය.
කුසල් මෙන්ඩිස් පිට පිටම අර්ධ ශතක 02ක් රැස් කිරීම කැපී පෙනෙයි.
මහීෂ් තීක්ෂණ ලකුණු 19කට කඩුළු 2ක් බිඳ හෙලූ අතර වනිඳු හසරංග ලකුණු 25කට කඩුළු 2ක් බිඳ හෙළනු ලැබීය.
ශ්‍රී ලංකාවට මෙම තරගය අභියෝගාත්මක තරගයක් වුයේ පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක ඇතුලු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධවලට ලක්විම හේතුවෙනි.
මෙම ජයග්‍රහණයත් සමග සුපිරි 12 දෙනාගේ තරගවටයේ පළමු කණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
ශ්‍රී ලංකාවේ දළ ලකුණු වේගය 2.467කි.
තරගය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ, "ඇත්තටම සතුටුයි අපි ක්‍රීඩා කරපු විදිහ ගැන. ඒ වගේ ක්‍රිකට් තමයි අපිට ක්‍රීඩා කරන්න ඕන. මෙම ක්‍රීඩාවේදී දඟ පන්දු යවන්නන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බව අපි දැන සිටියා. අපි මේ තරගයේ දී උපක්‍රමශීලීව දඟ පන්දු යවන්නන් යොදා ගත්තා."
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දනොගේ තරගවටයේ තවත් තරගයක් අද පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය ලබන 25 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පර්ත්හීදී පැවැත්වීමට නියමිතය.
සුපිරි 12
ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරග වටයේදී සිය පළමු තරගය නැමීබියාව හමුවේ පරාජය වූ නමුත්, ඉන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා නෙදර්ලන්තයට එරෙහි තරග ජය ලැබූහ.
අයර්ලන්තය සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ පරාජය වූ නමුත් ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහි තරග ජය ගනිමින් සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත්විය.
කණ්ඩායම් දෙකම සුපිරි 12 වටයට පැමිණ ඇත්තේ තරමක් විශ්වාසයෙන් වන නමුත් සුපිරි 12 දෙනාගේ වටය ඉතාම තියුණු මෙන්ම තරගකාරී බව ආරම්භක තරග දෙකින් සනාථ විය.
සුපිරි 12 දෙනාගේ තරගවටයේ පළමු තරගයෙන් ලෝක ශුර ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 89කින් පරාදා විශිෂ්ට ජයක් ලැබීමට නවසීලන්තය සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 200ක් රැස් කළේ කඩුළු 3ක් පමණක් දැවී තිබියදීය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 111ක් පමණි.
එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරගයද උණුසුම් මුහුණුවරක් ගත් නමුත් එංගලන්ත පන්දු යවන්නන්ගේ බල ඇණියේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 112ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දු 11ක් ඉතිරිව තිබියදී කඩුළු 5කින් තරගයේ ජය ලැබීය.
සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට නවසීලන්තය, එංගලන්තය, අයර්ලන්තය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව තරග වදියි.
දෙවැනි කාණ්ඩයෙන් බංග්ලාදේශය, ඉන්දියාව, නෙදර්ලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යන රටවල් තරග වදිනු ඇත.
මෙවර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබූ නවසීලන්තය මේවන විට ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.
සුපිරි 12 දෙනාගේ වටයේදී එක් තරගය බැගින් ජය ගෙන සිටින නවසීලන්තය සහ එංගලන්තය ලකුණු 2 බැගින් හිමිකර ගෙන ඇති නමුත් නවසීලන්තයේ දළ ලකුණු වේගය + 4.450කි.
ශ්‍රී ලංකා කණ්ඩායමට අද ක්‍රීඩා කරන්නේ කවුද?
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටය තරගවදින්නේ අත්දැකීම් සහිත ප්‍රබල පිතිකරුවන් හා පන්දුවන්නන් කිහිප දෙනෙකු ආබාධවල සිටින පසුබිමකය.
පැතුම් නිශ්ශංක සහ ප්‍රමෝද් මධුෂාන්ගේ ආබාධ තත්ත්වය තක්සේරු කිරීමෙන් අනතුරුව අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන අද තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ආබාධවලට ලක්වීම හේතුවෙන් ප්‍රමුඛ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කර ඇති අතර මුල්පෙළ පිතිකරුවන් දෙදෙනෙකු වන ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිශ්ශංක ද ආබාධවලට ලක්ව සිටිති. කෙසේවෙතත් ශ්‍රී ලංකාවට වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ වැනි දක්ෂ දඟ පන්දු යවන්නන් සිටිති.
නමුත් ඇතැම් විට ගීලෝග් නගරයේ මන්දගාමී තණතීරුවල මෙන් ඔවුන් හෝබාර්ට් ක්‍රීඩාංගනයේදී, තර්ජනාත්මක නොවනු ඇතැයි විචාරකයෝ පැවසූහ.
ඉහත කී තක්සේරුව මත අද උදෑසන නම් කළ කණ්ඩායම මෙසේයි.
කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක,අශේන් බණ්ඩාර, භානුක රාජපක්ෂ, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න,මහේෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, ලහිරු කුමාර යන ක්‍රීඩකයෝ අද තරගයට ක්‍රීඩා කරති.
"මම දන්නවා, මම සහ භානුක හොඳින් ක්‍රීඩා කළ යුතුයි" තරගයට පෙර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක කියා සිටියේය.
ඔහු පෙන්වා දුන්නේ, "අපි දන්නවා අපේ ශක්තිය. පළමු තරගය අපි හොඳින් ක්‍රීඩා කළේ නැහැ, අවශ්‍ය මට්ටමට. නැමීබියාව හමුවේ පළමු තරග පරාජයට හේතුවුණේ එයයි. අපි ඊට වඩා ඉතා හොඳ කණ්ඩායමක්" ඔහු අවධාරණය කළේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2











