දෙවන එලිසබෙත් රැජින:'කාරුණික හදවතක් ඇති රැජිනක්'- ලෝක නායකයින් සිහිපත් කරයි

The Queen during a dinner reception at the G7 summit in St Austell, Cornwall, Britain 11 June 2021

ඡායාරූප මූලාශ්‍රය, 10 Downing Street

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ එංගලන්තයේ කෝර්න්වෝල් හි පැවති G7 සමුළුවේදී ජෝ සහ ජිල් බයිඩන් සමඟ රැජින

වයස අවුරුදු 96 දී අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජින වෙත ලෝක නායකයින් සහ ප්‍රභූන් උපහාර දක්වනු ලැබීය.

ඔවුන් රැජිනගේ සේවය, දරාගැනීමේ හැකියාව මෙන්ම හාස්‍යය සහ කරුණාව පිළිබඳව ද සිහිපත් කරමින් ගෞරව බුහුමන් කර ඇත.

ප්‍රංශයේ එම්මැනුවෙල් මැක්‍රොන් විසින් උපහාර පුද කරමින් "ප්‍රංශයේ මිතුරියක්" වූ "කාරුණික හදවත් ඇති රැජින" සිහිපත් කළේය.

හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා පැවසුවේ රැජින "ලෝකය ආකර්ෂණය කරගත්තේ" "කරුණාව, රූප ශෝභාව, සහ වෙහෙස නොබලා වැඩ කිරීමේ ආචාර ධර්ම මගින් නිර්වචනය කරන ලද පාලනයකින්" බවයි.

අවස්ථා කිහිපයකදීම රැජින හමුවූ ඔබාමා පැවසුවේ, "ඇගේ හෘදයාංගම බව, සුහදශීලී බව සහ ඇගේ හාස්‍ය සහ චමත්කාරය අපව සැනහූ හැටි ගැන සිතට දැනේ," කියාය.

වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රැජින විස්තර කළේ "අධිරාජ්‍යයෙකුට වඩා වැඩි කාලයක් සමඟ ඇය නව යුගයක් බිහි කළා" ලෙසයි.

ජනාධිපති ලෙස 2021 දී එක්සත් රාජධානියට කළ සංචාරය විස්තර කරමින් බයිඩන් පැවසුවේ "ඇය ඇගේ බුද්ධියෙන් අපව ආකර්ෂණය කළා. ඇගේ කරුණාවෙන් අපව ඇද බැඳ ගත්තා. ඇයගේ දැනුම නොමසුරුව අප සමඟ බෙදා ගත්තා," කියාය.

US President Biden signs a book of condolences at the British embassy in Washington DC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, ඔහුගේ බිරිඳ ආචාර්ය ජිල් බයිඩන් සහ එක්සත් රාජධානියේ තානාපති කැරන් පියර්ස් විසින් නරඹන ලද අතර,වොෂින්ටන් ඩීසී හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේදී ශෝක ග්‍රන්ථයට අත්සන් තැබීය.

දෙවන එලිසබෙත් රැජින ඇගේ පාලන සමයේදී එක්සත් ජනපද ජනාධිපතිවරුන් 14 දෙනෙකු හමුවී තිබේ.

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ "ඇගේ හෘදයාංගම මිත්‍රත්වය, විශිෂ්ට දැනුම සහ හාස්‍යජනක බව තමාට කිසිදා අමතක නොවන බවයි.

"ඇය කෙතරම් උතුම් හා ලස්සන කාන්තාවක්ද - ඇය වැනි කිසිවෙකු මා නම් දැක නැත!" ඔහු ඔහුගේ අන්තර්ජාල වේදිකාව වන Truth Social හි ලිවීය.

රැජිනගේ අභාවයෙන් පසු චීන ජනාධිපති ෂී ජිංපින් "බ්‍රිතාන්‍ය රජයට සහ ජනතාවට අවංක සංවේගය" ප්‍රකාශ කළේය: "ඇයගේ අභාවය බ්‍රිතාන්‍ය ජනතාවට විශාල පාඩුවක්."

රැජිනගේ පාලන සමයේදී කැනේඩියානු අගමැතිවරුන් 12 දෙනෙකු පත් විය. ඇය අභාවප්‍රාප්ත වූ බවට පුවත ප්‍රකාශයට පත් කිරීමෙන් ටික වේලාවකට පසු හැඟීම්බර වූ ජස්ටින් ටෘඩෝ පැවසුවේ "කැනේඩියානුවන් කෙරෙහි ඇයට පැහැදිලි හද පතුලෙන් නැගෙන, නොසෙල්වෙන ආදරයක්" ඇති බවයි.

"මේ සංකීර්ණ ලෝකය තුළ ඇයගේ ස්ථීර කරුණාව සහ අධිෂ්ඨානය අප සැමට සැනසිල්ලක් විය," ටෘඩෝ මහතා පැවසුවේ, "කාරුණික, බුද්ධිමත්, කුතුහලයෙන් පිරි, උපකාරශීලී, හාස්‍යජනක සහ තවත් බොහෝ දේ" වලින් පිරි ඇගේ "සංවාද" තමාට සිහිපත් වන බවයි.

"ඇය මේ ලෝකයේ මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක්. ඇය නැතුව පාළු දැනේවි", ඔහු ඉකි බිඳිමින් පැවසීය.

Queen Elizabeth II receives Canadian Prime Minister Justin Trudeau during an audience at Windsor Castle, on March 7, 2022 in Windsor, England

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රැජින කැනඩාවේ ජස්ටින් ටෘඩෝ කිහිප වතාවක්ම මුණගැසී ඇත.

'අසාමාන්‍ය පෞරුෂත්වයක්'

එලිසබෙත් රැජිනගේ පස්වන ඥාති සොහොයුරිය වන නෙදර්ලන්තයේ විලෙම් ඇලෙක්සැන්ඩර් රජු පැවසුවේ තමා සහ මැක්සිමා රැජින "නොසැලෙන හා ප්‍රඥාවන්ත" ඇයව "ඉමහත් ගෞරවයෙන් සහ මහත් සෙනෙහසින්" සිහිපත් කරන බවයි.

බෙල්ජියමේ පිලිප් රජු සහ මැටිල්ඩ් රැජින පැවසුවේ ඇය "අසාමාන්‍ය පෞරුෂයක්... ඇයගේ පාලන කාලය පුරාවටම ගෞරවය, ධෛර්යය සහ කැපවීම පෙන්වූ" බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍ය සංචාර දෙකකදී රැජින සමඟ පැවැත්වූ "අමතක නොවන හමුවීම්" සිහිපත් කළේය.

"ඇගේ හෘදයාංගම බව සහ කරුණාව මට කිසිදා අමතක නොවනු ඇත," ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය. "එක් රැස්වීමකදී මහත්මා ගාන්ධි ඇයගේ විවාහ මංගල්‍යයේදී ඇයට තෑගි කළ ලේන්සුව ඇය මට පෙන්වූවාය. මම එය සැමවිටම අගය කරමි."

ජර්මානු චාන්සලර් ඕලෆ් ෂෝල්ස් රැජිනගේ "පුදුමාකාර හාස්‍යයට" උපහාර පුද කළ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ "දෙවන ලෝක යුද්ධයේ භීෂණයෙන් පසුව ජර්මානු-බ්‍රිතාන්‍ය සංහිඳියාව සඳහා ඇයගේ කැපවීම අමතක කළ නොහැකි බවයි."

Queen Elizabeth and India's Narendra Modi at Buckingham Palace in 2015

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන එලිසබෙත් රැජින සහ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි 2015 දී බකිංහැම් මාලිගයේදී

'ශක්තිමත් පාලනයක්'

දශක හතක පාලන කාලයක් තුළ එලිසබෙත් රැජින ලොව සුවිශේෂී අවධීන් පසු කළ බව ඇය ලද උපහාර කිහිපයකින් පිළිබිඹු විය.

බැරක් ඔබාමා සඳහන් කළ පරිදි ඇය "සෞභාග්‍යයෙන් පිරි, සහ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන් තුළ එනම්, සඳ මත පා තැබීමේ සිට බර්ලින් තාප්පය කඩා වැටීම දක්වා." දැක තිබේ.

අයර්ලන්ත ජනාධිපති මයිකල් ඩී හිගින්ස් අතින් "බ්‍රිතාන්‍ය ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් හිමිවන" රැජිනගේ "අසාමාන්‍ය පාලනය" ගෞරවයට පාත්‍ර විය.

"ඇයගේ වසර 70ක පාලන සමය සුවිශේෂී කාල පරිච්ඡේද වලින් සමන්විත වූ අතර, එම කාලය තුළ ඇය බ්‍රිතාන්‍ය ජනතාවට ශක්තිමත් පාලනයක් දායාද කළාය," ඔහු දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

අයර්ලන්ත පාලක මයිකල් මාටින් ඇගේ පාලන සමය "ඓතිහාසික කාලසීමාවක්" ලෙස සඳහන් කළ අතර රැජිනගේ අභාවය "යුගයක අවසානය" ලෙස විස්තර කළේය.

"රාජකාරිය සහ රාජ්‍ය සේවය සඳහා ඇයගේ කැපවීම පැහැදිලි එකක් වූ අතර ඇයගේ ප්‍රඥාව සහ අත්දැකීම් සැබවින්ම අද්විතීයයි" යනුවෙන් ඔහු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. 2011 දී අයර්ලන්තයේ රාජ්‍ය සංචාරයකදී ලැබුණු ඇයගේ "කාරුණික බව සහ හෘදයාංගම වචන" ඔහු සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ එලිසබෙත් රැජින "අප්‍රිකාවේ සහ ආසියාවේ යටත් විජිත ඉවත් කිරීමට සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ පරිණාමය ඇතුළුව දශක ගණනාවක් පුරා සිදු වූ විශාල වෙනසක් කළ ශක්තිමත් පාලනයක්" ගෙන ගිය බවයි.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු "ඇයට නොසැලෙන, ජීවිත කාලය පුරාවටම තම ජනතාවට සේවය කිරීම සඳහා වූ කැපවීමක් තිබුණි. ලෝකය ඇයගේ කැපවීම සහ නායකත්වය දිගු කලක් සිහිපත් කරනු ඇත." යැයි සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ජනාධිපති අයිසැක් හර්සොග් ද රැජින සිය පාලන සමය පුරාවටම දුටු අතිවිශාල වෙනස පිළිගත්තේය. නමුත් මේ කාලය පුරාම ඇය "ස්ථාවර, වගකිවයුතු නායකත්වයක සහ සදාචාරයේ, මනුෂ්‍යත්වයේ සහ දේශප්‍රේමයේ පහනක් ලෙස රැඳී සිටි" බව ද පැවසුවේය.

රැජින ඊශ්‍රායලයට නොපැමිණිය ද චාල්ස්, එඩ්වඩ්, විලියම් සහ තම මව ජෙරුසෙලමේ මිහිදන් කළ, නැසීගිය පිලිප් කුමරු එරටට සංචාරය කර තිබේ.

"එලිසබෙත් රැජින ඓතිහාසික චරිතයක් විය. ඇය ඉතිහාසගත වූවාය, ඇය ඉතිහාසය ලියුවාය. ඇයගේ ඇවෑමෙන් ඇය විශිෂ්ට, ආදර්ශමත් ඉතිහාසයක් අප වෙත උරුම කර දී තිබේ," ජනාධිපති හර්සොග් ලිවීය.

Queen Elizabeth II visits the Town Hall in Sydney with Emmet McDermott (1911 - 2002), Lord Mayor of Sydney, during her tour of Australia, May 1970. She is there in connection with the bicentenary of Captain Cook's 1770 expedition to Australia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින 16 වතාවක් ඕස්ට්‍රේලියාවට පැමිණියා - මේ ඇය 1970 දී සිඩ්නි හි උද්යෝගිමත් ජනකායට ආචාර කරමින්
Queen Elizabeth II greets Jacinda Ardern, Prime Minister of New Zealand in the Blue Drawing Room at The Queen's Dinner during the Commonwealth Heads of Government Meeting (CHOGM) at Buckingham Palace on 19 April 2018 in London, England

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින 2018 දී නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් සමඟ
Queen Elizabeth II and the President of the United States of America George W. Bush are accompanied by their spouses, Prince Philip, Duke of Edinburgh and Laura Bush, on the balcony of the White House, Washington DC, on May 7, 2007

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එලිසබෙත් රැජින ලෝරා බුෂ්, පිලිප් කුමරු සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සමඟ ධවල මන්දිරයේදී 2007 දී
The Queen With Prince Philip With King Hussein And Queen Noor Of Jordan Visiting Petra

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිප් කුමරු, රැජින සහ ජෝර්දානයේ රජු හුසේන් සහ නූර් රැජින 1984 දී පෙට්‍රා පුරාවිද්‍යා භූමියේ දී.
Presentational white space
The Queen alongside President of Kenya Daniel arap Moi (1924-2020) in the motorcade after her arrival in Nairobi, Kenya, 10th November 1983. Prince Philip and Queen Elizabeth II are on a four-day State Visit to Kenya

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙන්යාව සැමවිටම එළිසබෙත් රැජිනට විශේෂ ස්ථානයක් විය - 1983 රාජ්‍ය සංචාරයකදී ජනාධිපති ඩැනියෙල් අරප් මෝයි සමඟ.