මහින්ද රාජපක්ෂ ඇතුළු දහහත්දෙනෙකුට රටින් පිටවීම තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 17දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මැයි 12 නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටුවා තිබූ 'මයිනාගෝගම' සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඇති 'ගෝඨාගෝගම'ට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවලට අදාළව යි.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ ය.
රටින් පිටවීම තහනමට ලක්වූ 17 දෙනා කවුද?
රටින් පිටවීම තහනම් කෙරුණු දහහත්දෙනා මෙසේ ය:
- හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
- පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
- පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
- පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත
- පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
- පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි
- පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
- පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක
- සම්පත් අතුකෝරළ
- කංචන ජයරත්න
- රේණුක පෙරේරා
- මහින්ද කහඳගම
- පුෂ්පලාල් කුමාරසිංහ
- නිශාන්ත ජයසිංහ
- අමිත අබේවික්‍රම
- දිලිප් ප්‍රනාන්දු
- බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය සහ ජනාධිපති කාර්යයාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට එල්ලකළ මැර ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම සහ සැලසුම් කිරීමට මෙම පිරිස සම්බන්ධ බවට බැලූ බැල්මට විමර්ශනවල දී පෙනී යන හෙයින්, විමර්ශන සඳහා මොවුන් මෙරට රැඳී සිටීම අවශ්‍ය බව සඳහන් කර නීතිපතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා එම අපරාධමය කටයුතුවලට ආධාර අනුබල දුන් හා කුමන්ත්‍රණය කළ හා අපරාධමය කටයුතුවල නියැළුනු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලෙස ඉල්ලා නීතිඥවරුන් පිරිසක් අඟහරුවාදා (මැයි 10) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
මෙම තහනම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කළ නාමල් රාජපක්ෂ පවසන්නේ තමාට හෝ පියාට ලංකාව හැර යාමට කිසිදු අදහසක් නොමැති බව යි.
"සඳුදා සිදු වූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් සිදුකෙරෙන ඕනෑම පරීක්ෂණයකට මගේ උපරිම සහයෝගය පෞද්ගලිකවම ලබා දෙන්නෙමි. මගේ පියාට හෝ මට ලංකාව හැරයාමට කිසිදු අදහසක් නොමැති අතර දිගටම මෙහි රැඳෙනු ඇත," එහි සඳහන් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post









