''ඇඳිරි නීතිය හෙට උදේ ඉවත් කරලා නැවත පනවන්න පුළුවන්.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ඇඳිරි නීතිය හෙට උදේ ඉවත් කරලා නැවත පනවන්න පුළුවන්.''

හෙට (මැයි 12) පෙරවරු 6.00ට ඇඳිරි නීතිය ඉවත් කර සමහර විට යම් කිසි කාල සීමාවකට නැවත පැනවීමේ හැකියාව පවතින බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.

ඇඳිරි නීතිය පැනවීම තුළ ජනතාව අපහසුතාවයට පත් වුව ද ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එවැනි තීරණ ගැනීමට සිදු වන බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

එමෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා ජනතාව ඒකරාශී කිරීමට සහ පෙළඹවීමට සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියා කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.