''#GOTAGOHOME'' ; ''මහින්දගේ අම්මටයි තාත්තටයි ගල් ගහනවා මුං කරන වැරදි වලට.''
රුපියල් මිලියන 34කට ආසන්න රජයේ මුදල් අවභාවිත කර ඉදිකල බවට චෝදනා එල්ල වූ හම්භන්තොට, මැදමුලනේ පිහිටි ඩී. ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට මෙන්ම රාජපක්ෂවරුන්ගේ මවුපියන්ගේ ස්මාරකවලට ද පිරිසක් පහරදී විනාශ කළහ.
එමෙන්ම ඔහුහූ මැදමුලන පිහිටි නිවසට හා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට ද පහර දී තිබේ.
මැයි 09 රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස වීරකැටිය, කාල්ටන් වත්තේ පිහිටි වාහනයකට ද ගිනි තබා ඇත.
