''#GOTAGOHOME'' ; 'ගෝටා ගෝ ගම'දී විපක්ෂ නායකවරයාටත් ප්‍රහාරයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ''#GOTAGOHOME'' ; 'ගෝටා ගෝ ගම' පහරදීමෙන් විස්සකට වැඩි පිරිසකට තුවාල

මහින්ද රාජපක්ෂට සහය පළ කිරීම සඳහා අද (මැයි 09) අරලියගහ මැදුරට පැමිණි පිරිස පසුව ගාලු මුවදොර පිහිටි 'ගෝටා ගෝ ගමට' ගොස් එහි සිටි පිරිසට පහරදී පළවා හරින ලදී.

මෙම කලහකාරී අවස්ථාවේදී පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට ද ප්‍රහාරයක් එල්ල විය.

එම ප්‍රහාරයෙන් විපක්ෂ නායකවරයාගේ නිල රථයට හානි සිදු වූ අතර ආරක්ෂකයන් විසින් විපක්ෂ නායකවරයාව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට ක්‍රියා කරන ලදී.