සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වැළඳී ඇතැයි පීසීආර් පරීක්ෂණයෙනුත් තහවුරු වෙයි

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි

ඡායාරූප මූලාශ්‍රය, facebook

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වීමෙන් අනතුරුව, පීසීආර් පරීක්ෂණයෙන් ද එය තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

"Rapid Antigen Test එකෙන් පස්සේ කරපු පීසීආර් එකත් පොසිටිව් උනා," යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

කෝවිඩ්-19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වීමෙන් පසුව, සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර තිබෙන බව මුලින් වාර්තා විය.

ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිවක් නිවේදනය කර නොමැති අතර විරාජ් අබේසිංහ පැවසුවේ ඒ බිළිබඳව ඔහුට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

සෞඛ්‍ය ඇමතිනිය ද ඇතුළු අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ මන්ත්‍රීවරයෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ.

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් කොරෝනාවෛරසය ආසාදනය වූ අනෙක් මැති, ඇමතිවරුන් පිරිස වෙති.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

පසුගිය ජනවාරි 08 වෙනි දින කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනවාරි 08 වෙනි දින සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක්

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනවාරි 08 වෙනි දින සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනක්

PCR පරීක්ෂණයෙන් ද තහවුරු වීමත් සමග, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ්-19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයාය.

ඇමති වරියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසුව අනුමත කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව අවධානය පළ නොකොට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් පිට පිරිත් පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට මුල්තැනක් දීම හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගේ ක්‍රියා කලාපය පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්විය.

එන්නත සඳහා හදිසි අනුමැතිය

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව සිකුරාදා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ කෝවිඩ් මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා හදිසි අනුමැතිය ලබාදුන් බවය. ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් මේ වන විට සපුරා අවසන් බව ද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ අතර සෙනසුරාදා කළුතර වලල්ලාවිට පැවැත්වූ උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කෝවිඩ් මර්දන එන්නතේ පළමු එන්නත් ප්‍රමාණය, මාත්‍රා ලක්ෂ හයක්, ජනවාරි 27 වෙනි දින ඉන්දියාවෙන් නොමිලේ ලැබෙන බව සඳහන් කළේය.

සෞඛ්‍ය සේවයේ, ආරක්ෂක හමුදාවල සහ පොලිසියේ වැනි පළමු පෙළ සේවයේ නියුතු කණ්ඩායම් වලට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඉන් අනතුරුව වයෝවෘද්ධ ජනතාවට ලබාදෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

ඔහු තවදුරටත් පැවසුවේ චීනයේ හා රුසියාවේ නිෂ්පාදිත එන්නත් ද ඉදිරියේදී ආනයනය කිරීමට කටයුතු කරන බවය.

මේ තොරතුරුද කියවන්න: