අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් භාරයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අධිකරණ භූමියේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න දෙසැම්බර් 5 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය පනවනු ලැබුවේ 2008 - 2009 කාලය අතරතුර අතුරුදහන්වූ තරුණයන් 11 දෙනෙකු සම්බන්ධ පරීක්ෂණයට අදාලවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබාදෙන ලෙස අධිකරණය මීට පෙර අවස්ථාවකදී නියෝග කළ ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා එසේ නොකොට බදාදා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර විය.

දීර්ඝ කරුණු විමසීකින් පසුව සැකකාර රවීන්ද්‍ර විජේගුණරත්න රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද රහස් පොලිසියට නියම කළේය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ ඉහළම නිලය හොබවන නිලධාරියා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගය පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් මානව හිමිකම් නීතිවේදී, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ ට්විටර් පණිවුඩයකින් පවසා තිබුණේ "හමුදාවට සහ ඉහළම විධායකයට හිස නොනැමූ දිරිමත් විමර්ශකයන්ට සිය ආචාරය පුද කරන," බවය.

ශ්‍රී ලංකාවාසීන් අධිකරණය කෙරෙහි විශ්වාසය තබා සිටින බව ද නීතිඥ ජේ සී වැලිඅමුණ පවසයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

තවත් කියවන්න:

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන 'නේවි සම්පත්' හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර සහ අනුබල දුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ලවී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව රහස් පොලීසිය මිට පෙර අධිකරණයට වාර්තා කර තිබුණි.

එහෙත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න තමන්ට එරෙහිව එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ඉකුත් දා නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලැබූවොත් රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශය භාර ස්ථානාධිපති නිශාන්ත සිල්වාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමට සිදුවන බවට ද අනතුරු අඟවා තිබුණි.

ඒ අතරවාරයේ අදාල පරීක්ෂණ මෙහෙයවූ රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශය භාර ස්ථානාධිපති නිශාන්ත සිල්වාට පොලිස්පති පූජිත් ජයසුන්දර හදිසි ස්ථාන මාරුවක් ලබා දී තිබුණ අතර, එයට එරෙහිව දැඩි විරෝධයක් එල්ලවීමෙන් අනතුරුව දිනකට පසුව එම ස්ථාන මාරුව අවලංගු කර තිබුණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

Skip X post, 3

End of X post, 3

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් සිය පත්‍රයේ ඡායාරූප ශිල්පී ඉන්දික හඳුවල සහ තවත් ඡායාරූප ශිල්පීන් පිරිසකට පහර දුන් බව පවසන The Sunday Morning පුවත්පතේ කතුවරිය මන්දනා ඉස්මයිල් එය හෙලාදකිමින් නිවේදනයක් නිකුත්කර තිබුණි.

ඉන් අනතුරුව එම පහරදීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද The Sunday Morning පුවත්පත වාර්තාකර තිබුණි.

ඉහත කී චෝදනාව සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට එරෙහිව සාක්ෂි ලබාදුන් නාවික ලුතිනන් කමාන්ඩර් වරයෙකුට ජීවිත තර්ජන එල්ල වී ඇති බව මීට ඉහතදී පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණ.

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරිගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි පිටපතක් තමන් වෙත ලබාදී ඇති බවත් පසුගිය සැප්තැම්බර් මාසයේ අධිකරණයට දැනුම් දුන්නේය.

තවත් ලිපි: