ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට්: තිලංග, නිශාන්ත, ජයන්ත සහ මොහාන් සභාපති තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලනයක් පත් කර ගැනීම සඳහා මැයි 31 වෙනිදා පැවැත්වීමට නියමිත නිලවරණය වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳුදා අවසන් විය.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල යළිත් වරක් සභාපති ධුරය සඳහා තරග වැදීම සඳහා ක්‍රීඩා සමාජ ගණනාවක් විසින් නම් කරනු ලැබ තිබේ.
ඔහුට අමතරව, හිටපු සභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා මෙන්ම හිටපු ලේකම් නිශාන්ත රණතුංග මෙවර සභාපති ධුරයට තරග වැදීම සඳහා යෝජනා වී තිබේ.
උප සභාපති ධූරය සඳහා මොහාන් ද සිල්වා, ජෙරාඩ් හිරන්ත පෙරේරා, කන්ගදරන් මතිවානන් සහ ශම්මි ශිරාජ් සිල්වා නම් ක්‍රීඩා සමාජ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ශම්මි ශිරාජ් සිල්වා, බන්දුල තිලක් දිසානායක, ජෙරාඩ් හිරන්ත පෙරේරා, මොහාන් ඇන්තනී චූලානන්ද ද සිල්වා සහ නිශාන්ත රණතුංග ලේකම් ධූරය සඳහා තරග වැදීමට නියමිත අතර, උප ලේකම් ධූරය සඳහා යෝඅජ්නා වී තිබෙන්නේ බන්දුල තිලක් දිසානායක, සමන්ත බණ්ඩාර දොඩන්වල සහ රවීන් උදයප්‍රිය වික්‍රමරත්න යන අයයි.
මේ අතර භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, ක්‍රිකට් විනිසුරුවරුන් සංගමය සහ ක්‍රිකට් තරඟ සංගමයට තේරී පත් වීම සඳහා තවත් යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.
මෙම තරගකරුවන්ට එරෙහිව විරෝධතා ඇත්නම් මාර්තු 22 වෙනි දින පස්වරු 3.00 ට පෙර ඡන්ද කමිටුව වෙත ලබා දිය යුතුය.
එම විරෝධතාවලට පිළිතුරු ලබා දීම පිණිස මැයි 25 වෙනි දින කාලය වෙන් කර ඇති අතර, මැයි 28 වෙනි දින විරෝධතා කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබේ.
මැයි 31 වෙනිදා උදෑසන 9.00 සිට ඡන්දය ලබා දීම ආරම්භ වනු ඇත.
තවත් තොරතුරු: