ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැබිනට් සංශෝධනය කොමඩියක්-වසන්ත සේනානායක
අද (පෙබරවාරි 25) සිදු කෙරුණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය 'කොමඩි නාට්‍යයක්'වැනි යයි විදේශ කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.
"කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙ පළවෙනි කොටස තමයි අද 'ප්ලේ' කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ 'ප්ලේ' කරයි. හැබැයි !ජනතාව හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? දන්නේ නැහැ" රාජ්‍ය ඇමතිවරයා සිය ප්‍රතිචාරය පළ කරන ලද්දේ එවැනි වචන උපයෝගී කර ගනිමිනි.
ඔහු සිය අදහස් පළකළේ අද (පෙබරවාරි 25) සංශෝධිත කැබිනට් ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි " යයිද කියා සිටියේය.
'අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි' මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට ඔහුගේ පිළිතුර එවැන්නක් විය.
අද සිදු කෙරුණ කැබිනට් සංශෝධනය ගැන අමාත්‍යවරුන් අතර එතරම් සුබවාදී ආකල්පයක් තිබෙනු දක්නට නොලැබුණි.
අජිත් පී පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් නොදක්වා පිටව ගිය අතර ඔහු තමාට පවරන ලද නව රාජ්‍ය අමාත්‍යධුරය සම්බන්ධයෙන් කණගාටුවෙන් පසු වන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි " යයිද කියා සිටියේය.
ඔහු එම ප්‍රකාශය කළේ 'අගමැතිවරයා පදවියෙන් ඉවත් කළ යුතුදැයි' මාධ්‍යවේදියෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සබැඳි පුවත්;