ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජාලිය වික්‍රමසූරිය වහාම අත්අඩංගුවට ගන්න - අධිකරණය
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය වහා අත්අඩංගුවට ගන්නා ලෙස දන්නවා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා (ජනවාරි 05) විවෘත වරෙන්තු නිකුත් කළේය.
2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණ.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරිය 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් පසුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.
එහෙත්, පසුගිය නොවැම්බර් මස 17 වෙනිදා ඔහු නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණ ද, ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.
නැවත නඩුව කැඳවූ අද දිනත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි දන්වා මහේස්ත්‍රාත්වරිය විවෘත වරෙන්තු නිකුත් කළාය.
වෙනත් පුවත්: