ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිටපු තානාපති ජාලිය රිමාන්ඩ්
රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුණු ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස අධිකරණය නියෝග කළේය.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (නොවැ.17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්නා ලද ජාලිය වික්‍රමසූරිය අද දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ඇමෙරිකාවේ වොෂිංටන් නුවර ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සැකකරු විසින් රජයට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ට වැඩි අලාභයක් සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
පරීක්ෂණ අවසන් වී නැති බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර කරුණු සළකා බැලූ අධිකරණය සැකකරු ලබන මස 2 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේය.