බැඳුම්කර කොමිෂන් වාර්තාවට මොකද වුනේ?

ඡායාරූප මූලාශ්‍රය, President's Office
මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ පිළිබඳව ලබන බදාදා (ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව පවසන්නේ, පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ විමර්ශන කොමිසමේ වාර්තාව පළාත් පාලන මැතිවරණවලට පෙරාතුව ප්‍රකාශයට පත් නොවනු ඇතැයි අවධානය පළවෙමින් තිබියදීය.
කොමිසම මගින් දේශපාලනඥයන් නම දෙනෙකු ඇතුළු ප්‍රධාන චුදිතයන් කිහිප දෙනෙකුම නම් කරමින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා මෙන් නිර්දේශ කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
කෙසේ වුවත් එම වාර්තා සනාථ කළ නොහැකි බව ද පුවත්පත පවසයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අත් වූ අලාභයට වගකිවයුත්තන් ගෙන් එම අලාභය අය කරගත යුතු යයි කොමිසම නිර්දේශ කර තිබෙන බව 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය මේ අතර පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිපති ජයන්ත ජයසූරිය සමග අඟහරුවාදා (ජනවාරි 02) සාකච්ඡා කිරීමට නියමිත බව ද වෙබ් අඩවිය වාර්තා කරයි.
වාර්තාව වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් මතුවෙමින් පැවතියත්, පළාත් පාලන මැතිවරණය අවසන් වන තුරු එය ප්‍රසිද්ධියට පත් නොකෙරෙනු ඇතැයි අවධානය පළවෙමින් තිබෙන බව ද ජනමාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජනවාරි 27 වෙනි දින පත් කරන ලද ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම 2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා කාලයට අදාළ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ලද අතර කොමිසමේ නිගමන සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරේ.
අගමැති රනිල් වික්‍රමසිංහ කොමිසම හමුවට පැමිණ සාක්ෂි දීම එහි සුවිශේෂී අවස්ථාවක් විය.
ඒ හැරුන විට හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු කැබිනට් ඇමැතිවරුන් කීපදෙනෙක් ද, පදවියෙන් ඉවත් කෙරුණ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් ද කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්හ.
සබැඳි යොමු:









