ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දු: "මාස හැටෙන් අලුත් රටක්" සහ "අනාගතයට සහතිකයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සෑම ප්‍රධාන මැතිවරණයක් ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ජනතාව වෙත පොරොන්දු මල්ලක් සමග මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදායයකි.
"මහින්ද චින්තනය", "මහින්ද චින්තන ඉදිරි දැක්ම", "මෛත්‍රී පාලනයක්" සහ "මාස හැටෙන් අලුත් රටක්" ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ජනවරම හිමිවූ මැතිවරණ ප්‍රකාශන කිහිපයකි.
බලය ලබාගැනීමෙන් පසුව එම මැතිවරණ ප්‍රකාශයේ තිබෙන බොහෝ කරුණු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ද බොහෝ අවස්ථාවල දක්නට ලැබේ.
ජනතාව ද ඒ පිළිබඳව දේශපාලන නායකයන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයක් දක්නට නොලැබෙන අතර මැතිවරණ ප්‍රතිඥා පිළිබඳව තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව බොහෝ දෙනා පවසති.
ශ්‍රී ලංකාවේ පැවති අවසාන ප්‍රධාන මැතිවරණය වන්නේ 2015 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයය.
පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ විශාලතම දේශපාලන සංධානයන් වන එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒකාබද්ධව හවුල් ආණ්ඩුවක් පිහිටුවනු ලැබීය.
අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වය හොබවන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුණ මහ මැතිවරණය වෙනුවෙන් "මාස හැටෙන් අලුත් රටක්" නමින් මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන පක්ෂය වේ. "අනාගතයට සහතිකයක්" නමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණි.
ඒ ආකාරයෙන් විවිධ ප්‍රතිඥා දී රටේ බලයට පත් වූ පක්ෂ දෙක එම පොරොන්දු ඉටු කළේ දැයි සොයාබැලීම පිණිස වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ manthri.lk වෙබ් අඩවිය පර්යේෂණයක් සිදු කළේය.

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන සන්ධාන දෙකම මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවලින් 75%ක්ම තවමත් ඉටු කොට නොමැති බව හෝ එම ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධයෙන් ලබා තිබෙන්නේ ඉතා අඩු ප්‍රගතියක් බව එම පර්යේෂණයේ දී හෙළි වී තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ අඩංගු පොරොන්දු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 25% ක ප්‍රගතියක් දක්නට තිබෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධ ප්‍රගතිය 20%ක් පමණය.
"එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයෙන් කිව්වේ මාස 60න් අලුත් රටක් කියලා. අපි තාම මාස 60ට ඇවිල්ලා නැහැ. ඒ නිසා 100%ක ප්‍රගතිය බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් අපිත් දැනට දකින්නේ මැතිවරණ ප්‍රකාශ දෙකේම 20%ක් හා 25% දක්වා ප්‍රගතියක්," පර්යේෂණයට සම්බන්ධ වූ ජනීන් ප්‍රනාන්දු පවසයි.
බලයට පැමිණීමෙන් මාස දෙකක් ඇතුළත විගණන පනත සම්මත සම්මත කිරීම, නිදහස් අධ්‍යාපන පුනර්ජීව අරමුදල ස්ථාපිත කිරීම, මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා නිර්ණායක ඇතුලත් නව මැතිවරණ පනත සම්මත කිරීම, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම, කර්මාන්ත හා තාක්ෂණ අධිකලාප 11ක් පිහිටුවීම සහ කෘෂිකාර්මික අධි සංවර්ධන කලාප 23ක් ස්ථාපිත කිරීම වැනි පොරොන්දු රැසක් තවමත් ඉටු කර නොමැති බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Manthri.lk
ක්‍රියාත්මක වූ පොරොන්දු අතරින් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, GSP+ තීරු බදු සහනය යළි ලබා ගැනීම වැනි පොරොන්දු ඉදිරියෙන් තිබේ.
පොරොන්දු ඉටු කිරීම සඳහා දේශපාලකයන්ට බල කිරීමට ජනතාව තුළ ඇති උනන්දුව අඩු බව පෙන්වාදෙන ජනීන් ප්‍රනාන්දු, එවැනි උනන්දුවක් ඇතිකර පොරොන්දු ඉටුකර ගැනීම සිය පර්යේෂණයේ අරමුණ බවත් පැවසීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් වූ විගස ක්‍රියාත්මක කළ දින 100 වැඩපිළිවෙලේ සමස්ත ප්‍රගතිය 71% ක් බව පර්යේෂණයේ නිගමනය වී තිබේ.
සබැඳි යොමු:
- පළාත් පාලන මැතිවරණය; මාර්තු 12 ව්‍යාපාරයෙන් ඉල්ලීම් හතක්
- "විගණන පනත යට ගහන බවට ඇමතිවරුන්ට චෝදනා"
- "නැවත ආවොත් මෛත්‍රී පරාජය කරනවා"
- ව්‍යවස්ථාව සහ බුදු දහම: "ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්"
- ‘මැතිවරණ ප්රචාරක වියදම් පාලනයට රජය අසමත්’
- 'නව මැතිවරණ ක්‍රමයෙන් නුසුදුස්සන් පත් වීමේ ඉඩකඩ වැඩියි'
- 'වත්කම් බැරකම් නැත්නම් ප්‍රජා අයිතියත් නෑ' - මැතිවරණ කොමිසම









