ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝහින්ග්‍යා අර්බුදය : අක්මීමන දයාරතන හිමිට ඇප
මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අක්මීමන දයාරතන හිමියන් ඇප මත නිදහස් කරන මෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (ඔක් 10) නියෝග කළේය.
එක්සත් ජාතීන්ගේ භාරයේ ගල්කිස්සේ නවාතැන් ලද රෝහින්ග්‍යා සරණාගතයන්ට එරෙහිව දියත් කෙරුණු විරෝධතාවට නායකත්වය දුන් බවට එල්ල වූ චෝදනා මත අක්මීමන දයාරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 02 වෙනිදාය.
අක්මීමන දයාරතන හිමියන් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත පිළිගත් අධිකරණය රුපියල් 500,000 බැගින් වූ පුද්ගල ඇප තුනක් මත එහිමියන් ඇප මත නිදහස් කිරීමට තීන්දු කර තිබේ.
එහිදී ඇප ලබා දීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කළ බව කී අක්මීමන දයාරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල එස් රණගල, "නීතිපති දෙපාර්තමේන්තුව මේ කාරණයට හිටි හැටියේ මැදිහත් වෙලා විශාල ආන්දෝලනයක් ඇති කරලා මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක් වශයෙන් ගෙන යන්න උත්සාහ දරුවා" යනුවෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
එමෙන්ම එම තත්ත්වය පොලිසිය යොදා ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ සැලසුමක් විය හැකි බවට ද නීතිඥවරයා සැක පළ කරයි.
"ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න මේ පොලිසියටම තොප්පියක් දාලා ඒ අයම යම් සංවිධානයක් විසින් මෙහෙයවනවද කියන සැකය තියෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
සබැඳි යොමු: