සෞදි අරාබිය: ශ්‍රී ලාංකිකයන් සොයන්න සහාය පතයි

සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් කිසිදු තොරතුරක් නොමැති ශ්‍රී ලාංකිකයන් දස දෙනෙකු සොයා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
ඒ අතර කාන්තාවන් අට දෙනෙක් සහ පුරුෂයන් දෙදෙනෙක් වෙති.
ඉහත කී පුද්ගලයන් පිළිබඳ තොරතුරක් නොමැති බවට ඔවුන්ගේ ඥාතීන් පැමිණිලි කර ඇති බව එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පහත සඳහන් අය සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අය වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සබඳතා අංශයේ 011-4379328 යන දුරකථන අංකයට හෝ කාර්යාංශය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විදේශ රැකියා අමාත්‍යංශයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 2016 වසරේ අප්‍රේල් රැකියා බලපත්‍ර සහිතව සෞදි අරාබියේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 182,403 කි.
සබැඳි යොමු:

ඔබ සෞදි අරාබියේ හෝ මැදපෙරදිග සිටින්නෙක්ද ?
ඔබේ අත්දැකීම් හා අදහස් බීබීසී සිංහල සේවය වෙත දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : https://www.facebook.com/BBCSinhala/
Skype BBC Sinhala
ඊමේල් : [email protected]













