සෞදි අරාබිය : ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන් වෙත ඉල්ලීමක්

සෞදිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටී.

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කර ඇති බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසයි.

අදාළ කාල සීමාව තුළ සෞදි අරාබියෙන් පිට නොවී තවදුරටත් එහි රැඳී සිටින්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන දඩ මුදලකට ද යටත් කර නැවත එහි පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කෙරෙනු ඇති බවටත් විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය අනතුරු අඟවයි.

මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය තීන්දු කර ඇති බව එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

line
line

2017 වසරේ මාර්තු 21 සිට ජුනි 25 දක්වා හඳුන්වා දෙනු ලැබූ පොදු සමා කාලය තුළ සෞදියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 4,500 ට ආසන්න සංඛ්‍යාවකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

අසාදු ලේඛන (Black list)

විදෙස් රැකියා සඳහා අවම වැටුප් සීමාවක් - තලතා

ඡායාරූප මූලාශ්‍රය, Getty/ LAKRUWAN WANNIARACHCHI

පොදු සමා කාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයන්ට නැවතත් නීත්‍යානුකූල ලෙස එහි පැමිණිය හැකි බව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් පවසයි.

මේ අතර 2017 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජුලි 03 වෙනිදා දක්වා වූ කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67 ක් අසාදු ලේඛන ගත (Black list) කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

එම කාර්යාංශය පවසන පරිදි 2016 වසරේ අසාදු ලේඛන ගත කර තිබෙන විදේශ රැකියා නියෝජිත ආයතන සංඛ්‍යාව 61 කි.

කාර්යාංශයේ සමථ අංශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විසඳීම සඳහා ප්‍රමාණවත් සහායක් නොදැක්වීම, කාර්යාංශයේ ලියාපදිංචි නොකර අයතා ක්‍රම ඔස්සේ පුද්ගලයන් විදේශ ගත කිරීම, ව්‍යාජ ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කිරීම, විදේශ ගත කිරීමට නියමිත පුද්ගලයන්ට මූල්‍ය වංචා සිදු කිරීම හා විදෙස් රැකියා නියෝජිතයා වෙතින් කොමිස් මුදල් ලබා ගෙන ශ්‍රමිකයන් එරටට ලබා නොදීම වැනි කරුණු හේතුවෙන් ඉහත කී විදේශ රැකියා නියෝජිත ආයතන අසාදු ලේඛන ගත කර ඇති බවත් විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසයි.

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ගණන 702 කි.

line

ඔබ සෞදි අරාබියේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

එම කලාපයේ සේවයේ නිරත ඔබේ අත්දැකීම් හා අදහස් අප වෙත දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]