ඩෙංගු මැඩීමට යුද හමුදාවේ සහාය

ශ්‍රී ලංකා යුද හමුදාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයක්

ඩෙංගු රෝගය පැතිර යාමේ අවදානම හමුවේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට ශ්‍රී ලංකා යුද හමුදා භටයන් යෙදවීමට පියවර ගෙන ඇත.

පසුගියදා පැවති වර්ෂාව සහ කසළ ගොඩ ගැසීම හමුවේ ජලය එක් රැස්ව ගලා නොයාම, ඩෙංගු මදුරුවන් බෝවීම වැඩිවීම කෙරෙහි බලපා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බවට හඳුනාගෙන ඇති ප්‍රදේශ වෙත හමුදා කණ්ඩායම් විසි පහක් යෙදවීමට බලාපොරොත්තු වන බවය.

මේ වසරේ මෙතෙක් රටපුරා ඩෙංගු රෝගීන් හැත්තෑ දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කසළ ඉවත් කිරීම

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩෙංගු: වෛද්‍ය උපදෙස්

2016 වසර තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් පනස් පන් දහසකි.

මේ වසර තුළ ඩෙංගු රෝගීන් 215 දෙනෙකු මරණයට පත්ව ඇත.

කොළඹ නගරය තුළ කසළ ඉවත් කිරීමේ කටයුතු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ඩෙංගු රෝගය වැඩි වශයෙන් පැතිර යාමට බලපා ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.