කටාර් අර්බුදය: තුර්කියෙන් භාණ්ඩ රැගත් නෞකාවක්

ඡායාරූප මූලාශ්‍රය, EPA
කටාර් රාජ්‍ය සෙසු අරාබි රටවල් විසින් හුදෙකලා කරනු ලැබීමත් සමග මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඒ වෙත සැපයුම් භාණ්ඩ පිරවූ නෞකාවක් යැවීමට තුර්කිය කටයුතු කර තිබේ.
ජුනි 05 වෙනිදා අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව සැපයුම් ද්‍රව්‍ය රැගත් නෞකාවක් කටාර් වෙත යාත්‍රා කරුණු පළමු අවස්ථාව මෙය වේ.
කටාර් රාජ්‍ය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය ඇතුළු කලාපීය රටවල් හයක් ගත් ක්‍රියාමාර්ගය තවදුරටත් එළෙසම පවතී.
එවැනි තත්ත්වයක් හමුවේ කටාර් රාජ්‍ය තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.
අන්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් කටාර් රාජ්‍ය වෙත සිය ගුවන්, මුහුදු සහ ගොඩබිම් දේශ සීමා වසා දැමීමට කටයුතු කළහ.
කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඒ වෙත සහාය ලබා දීමට තුර්කිය ඉදිරිපත්ව සිටී.


මේ වන විටත් සැපයුම් ද්‍රව්‍ය රැගත් තුර්කි ගුවන් යානා වාර සියයකට අධික සංඛ්‍යාවක් කටාර් වෙත පියාසර කර තිබේ.
ශ්‍රී ලාංකිකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
120,000 ට අධික ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.
කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.


මාස ගණනාවකට අවශ්‍ය තරම් ආහාර සංචිත තමන් සතු බව කටාර් බලධාරීන් එහි වෙසෙන තානාපතිවරුන්ට දන්වා ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පසුගියදා සඳහන් කළේය.
මේ අතර කටාර්හි සේවයේ නිරත සංක්‍රමණික ශ්‍රමිකයන් අතරින් විශාලතම ප්‍රජාව ඉන්දියනුවන්ය.
ඉන්දීය සංක්‍රමණිකයන්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉහත කී සෙසු අරාබි රටවල් කටාර් වෙත සහ ඉන් පිටතට මෙහෙයවනු ලබන ගුවන් ගමන් අත්හිටුවීමත් සමග ගුවන් සේවාවලට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදු විය.
මව්රට වෙත පැමිණීමේ දී අපහසුතාවට පත් ඉන්දියානුවන්ට පහසුකම් සලසමින් කටාර්හි ඩෝහා අගනුවර වෙත අතිරේක ගුවන් ගමන් වාර යෙදවීමට ගුවන් සේවා දෙකක් කටයුතු කිරීමට නියමිතය.


එරට රජයේ ගුවන් සේවය වන ඉන්දියා එයාර්ලයින්ස් සහ පුද්ගලික ගුවන් සමාගමක් වන ජෙට් එයාර්වේස් ජුනි 22 වෙනිදා සිට අතිරේක ගුවන් ගමන් ආරම්භ කරන බව ඉන්දීය ආණ්ඩුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඩෝහා සහ කොළඹ අතර ශ්‍රී ලන්කන් සහ කටාර් ගුවන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ පසුගියදා පැවසීය.

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.
දුරකතන :
+44 (0) 20 36144039
+ 44 (0)20 36140556
+ 44 (0)20 36140555
+ 44 (0)20 36140554
+ 44(0) 20 36140551
+ 44(0) 20 36140552
Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න
ඊමේල් : [email protected]











