ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ගින්න: මෙතෙක් හෙළි වී ඇති කරුණු
ලන්ඩනයේ පිහිටි මහල් නිවාසයක අඟහරුවාදා (ජුනි 14) රාත්‍රියේ ඇති වූ ගින්නට විසි පස් දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් විය.
ගොඩනැගිල්ල තවමත් ගින්නෙන් දැවෙමින් පවතින අතර එහි පදිංචිව සිටි බොහෝ දෙනෙකු පිළිබඳ මෙතෙක් තොරතුරක් නොමැත.
අඟහරුවාදා රාත්‍රියේ ලන්ඩන් වේලාවෙන් 00.54 ට කෙන්සින්ටන් ප්‍රදේශයේ මහල් විසි හතරකින් යුක්ත 'ග්‍රෙන්ෆෙල් ටවර්' තට්ටු නිවාසයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා විය.
ගොඩනැගිල්ලේ සිව්වන මහලේ ගින්න හට ගෙන ඇති බව විශ්වාස කෙරෙන අතර එය ශීඝ්‍රයෙන් ඉහළ මහල් වෙත පැතිර ගොස් තිබේ.
ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබිණි.
ඒ සඳහා යොදා ගැනුණු ගිනි නිවන රථ සංඛ්‍යාව හතළිහකි.
ගින්නට හසුව මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
ලන්ඩන් ගිලන් රථ සේවයට අනුව 74 දෙනෙක් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටිති.
ගින්නට හේතුව?
මහල් නිවාස 120 කින් සමන්විත ගොඩනැගිල්ල තුළ ඇතැම් පුද්ගලයන් සිරව සිටිය හැකි බව ඇසින් දුටුවෝ පවසති.
ගොඩනැගිල්ල තුළ 400 ත් 600 ත් අතර සංඛ්‍යාවක් වාසය කර ඇති බව බලධාරීහු පවසති.
ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත.
ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය
මේ අතර ගින්නෙන් විපතට පත් පුද්ගලයන්ට ආධාර ලබා දීම සඳහා ස්වේච්ඡා සංවිධාන කටයුතු කරමින් සිටින ආකාරය එහි ගිය බීබීසී සිංහල සේවයට දැක ගත හැකි විය.
ගින්නෙන් බේරුණු පුද්ගලයන්ට ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ ඇඳිවත පමණි.
සහන සේවා
ගොඩනැගිල්ල ආසන්නයේ හදිසි සේවා මධ්‍යස්ථානයක් විවෘත කර ඇති අතර ඒ වෙත ස්වේච්ඡා කණ්ඩායම් ඇඳුම්, ආහාර සහ පානීය ජලය ගෙන එමින් සිටිති.
තාවකාලික නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබා දීමට සමාජ ජාල ඔස්සේ ඇතැම් පුද්ගලයන් ඉදිරිපත් වෙමින් සිටින ආකාරයත් දැක ගත හැක.