ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ගින්නේ අලුත් තොරතුරු
බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ එකට (01.00 AM ) පමණ තට්ටු නිවාසයක ආරම්භ වූ ගින්න නිවී යමින් ඇතත් තවමත් මඳ ගිනි දක්නට ලැබෙයි.
ගින්නට ගොදුරු වූ ග්‍රෙන්ෆෙල් (Grenfell Tower ) නිවාස සංකීර්ණය තට්ටු 24 කින් සම්න්විත වෙයි.
දැනට ප්‍රකාශිත තොරතුරු අනුව ගින්න ආරම්භ වී ඇත්තේ හතරවෙනි තට්ටුවෙනි.
එහි නිවැසියන් බොහෝ දෙනෙක් බේරාගනු ලැබුනත් මරණ රැසක් සිදුව ඇති තත්වයක් දක්නට ලැබෙන බව ලන්ඩන් ගිනි නිවන හමුදාවේ ප්‍රධානියා පවසයි.
ලන්ඩන් නගරාධිපති සදික් කාන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ද නිවැසියන් බොහෝදෙනෙක් පිළිබඳව තවම තොරතුරු ලැබී නැති බවයි.
පනහකට අධික පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති.
නවවෙනි තට්ටුවේ පිහිටි නිවසක සිරව සිටි මවක් සිය දරුවා බේරා ගන්නා මෙන් ඉල්ලමින් ළදරුවා කවුළුවෙන්ම බිමට දැමූ අතර බිමසිටි පුද්ගලයෙක් දරුවා අල්ලා ගත්බව ඇසින් දුටු තැනැත්තෙක් පවසයි.
කෙන්සින්ටන් චෙල්සී නගර සභාවට අයත් මෙම තට්ටු නිවාසය මෑතදී අලුත්වැඩියා කරන ලද ගොඩනැගිල්ලකි.
ගින්නත් සමඟ පැතිර ගිය දුමාරය නිසා පඩිපෙළ ඔස්සේ එලියට පැමිණීම බොහෝ දෙනකුට දුෂ්කර වූ බව දිවිබේරා ගත් නිවැසියෝ පවසති.
ගිනි නිවන රථ හතළිහක් යොදා ගනිමින් දෙසීයකට අධික ගිනි භටයෝ නිවැසියන් බේරා ගැනීමේ සහ ගින්න මැඩලීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටිති.