ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සිකුරාදා පැයක් ඩෙංගු මදුරුවා වෙනුවෙන්
සෑම සතියකම සිකුරාදා දිනයන්හි පැයක කාලයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සිය පරිශ්‍රය පිරිසිදු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ හෙට (ජුනි 01) ආරම්භවීමට නියමිත තුන් මාසික, ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනක එක් පියවරක් වශයෙනි.
ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
පාසල් පද්ධතිය
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ පාසල් පද්ධතිය පිරිසිදු කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් සිදුකළ යුතු බවය.
නිවාස පරිශ්‍ර පවා සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.
හදිසි ආපදාවට ලක්නොවූ දිස්ත්‍රික්ක 07ක මෙම ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන පළමුව ක්‍රියාත්මක කෙරේ.
2017 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53000ක් වාර්තා වී ඇති බවත් 150 දෙනෙකු මිය ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ගංවතුර බැස යාමෙන් අනතුරුව ඩෙංගු ඇතුළු වසංගත රෝග ව්‍යාප්ත වියහැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති.