ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආපදාවේ අලුත්ම තොරතුරු; මරණ සංඛ්‍යාව දෙසීය ඉක්මවයි
ගංවතුර සහ නායයාම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව දෙසීය ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තා මගින් පැවසෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 203 කි.
මීට අමතරව තවත් 96 දෙනෙක් අතුරුදහන්වූවන් මට්ටමේ ලා තවමත් සැලකෙයි.
මරණයට පත්වූවන් අතර පාසල් දරුවන් හතළිස් හතර දෙනකු ද ඇති අතර තවත් සිසුන් අටදෙනෙක් අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත් වෙයි.
ගංවතුර සහ නාය යාම් රට තුළ දිස්ත්‍රික්ක පහළොවකට බල පෑ අතර පවුල් 163264 කට අයත් පුද්ගලයන් 631346 ට ආපදාව බල පා ඇත.
මේ ව්‍යසනයයේ දී නිවාස 1508 ක් සහමුලින්ම විනාශව තවත් නිවාස 7617 ක් අඩ වශයෙන් විනාශ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවන්හි දැක්වෙයි.
පවුල් 19,876 කට අයත් පුද්ගලයන් 77,643 ක් පමණ තාවකාලික කඳවුරු 366 ක දැනට රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
(ඉහත තොරතුරුවලට පදනම් වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මැයි 31 මධ්‍යාහ්න දොළහට නිකුත් කරන ලද වාර්තාවයි.)