ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුවනින් වැටුන සෙබළා මියයයි
ගාල්ල නෙළුව ප්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුන ගුවන් හමුදා සෙබළා මරණයට පත්විය.
ගංවතුරට ගොදුරු වූ පුද්ගලයකු කේබලයක ආධාරයෙන් ගුවනින් ගෙනයමින් සිටියදී ඔහු බිම ඇද වැටුන අතර ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියේය.
තුවාල ලද එම ගුවන් හමුදා සෙබලා මරණයට පත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.