ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සඳුදා අතිවිශේෂ කැබිනට් හමුව ඇමති මාරුවකටද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබන සඳුදා (මැයි 22) උදෑසන අතිවිශේෂ කැබිනට් හමුවක් කඳවනු ලැබ ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම කැබිනට් හමුවට නොවරදවාම සහභාගීවෙන මෙන් ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව බීබීසිය කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක් තහවුරු කළහ.
එසේම එම හමුව කැබිනට් සංශෝධනයකට අදාළ වූවක් වියහැකි බවත් එම ඇමතිවරුන් දෙදෙනා සඳහන් කළහ.
කැබිනට් රැස්වීම් සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ අඟහරුවාදා උදේ වරුවේ වන හෙයින් සඳුදා කැඳවනු ලැබ ඇති මෙම හමුව සුවිශේෂී එකක් වන බව පෙනී යයි.
විශේෂ කැබිනට් සාකච්ඡාව කැඳවා තිබෙන්නේ ලබන සඳුඳා කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සහ මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ වෙමින් පවතින අතරයි.