ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අපද්‍රව්‍ය බැහැර කිරීම : ජනපතිගෙන් නියෝගයක්
පළාත් පාලන ආයතන යටතේ සිදුවන අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව ඕනෑම පළාත් පාලන ආයතනයක් යටතේ ක්‍රියාත්මකවන හෝ පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය ඉවත් කිරීම, එකතු කිරීම, ප්‍රවාහනය, තාවකාලික ගබඩා කිරීම, සකස් කිරීම, වෙන් කිරීම, බැහැර කිරීම සහ මහාමාර්ගවල ඇති අපද්‍රව්‍ය , නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ ඊට සමාන කාර්යයන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග එම නියෝගයට අදාළ වේ.
අද සිට
එමෙන්ම අදාළ ගැසට් පත්‍රය තුළින් ඉහත සඳහන් කරුණු අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අදාළ නියෝගය අනුව පහත සඳහන් ක්‍රියාමාර්ග ආවරණය වන බවත් නිවේදනයේ සඳහන් වේ.
මෙම ගැසට් නිවේදනය අද (අප්‍රේල් 20) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලාත්මකවන බවත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.