ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීතොටමුල්ල විපතට පත්වූවන්ගෙන් හමුදාවට තුති
මීතොටමුල්ල වැනි ඛේදවාචක වලක්වා ගැනීම පිණිස සහාය දීමට සූදානම් බව වියට්නාම ආණ්ඩුව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.
ඛේදවාචකය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව සහ රජය වෙත සිය සාතිශය සංවේගය පළ කරන බව වියට්නාම සමාජවාදී ජනරජය, එහි සංචාරයක යෙදී සිටින අගමැති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දුන් බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
ඊට පෙරාතුව අගමැතිවරයා ජපානයේ සංචාරයක නිරත වූ අතර, ශ්‍රී ලංකාවට හදිසි ආපදා ආධාර ලබා දෙන බව ජපාන අගමැති ශින්සෝ අබේ එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබේ.
මේ අතර අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් දියත් කරමින් සිටින හමුදා කණ්ඩායම් සිය ඥාතීන්ගේ මළ සිරුරු සොයා ගන්නා තෙක් බොහෝ මීතොටමුල්ල ප්‍රදේශවාසීහු තවමත් බලා සිටිති.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් හමුදාවේ ප්රයත්නයට ඔවුන්ගේ ස්තුතිය පුද කළහ.
මීතොටමුල්ල ප්‍රදේශවාසීන් දස දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව තිහක් ලෙස වාර්තා වූ බව ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
අද (අප්‍රේල් 18) සවස් වන විටත් විපතට පත් වූවන්ගේ මළ සිරුරු සොයා හමුදා කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක නිරත වෙමින් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.