ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීතොටමුල්ල: තවත් අට දෙනෙක් අවසන් ගමනේ
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් මරණයට පත් සංඛ්‍යාව තිහ දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව තවත් තිස් දෙනෙක් අතුරුදහන්ව සිටිති.
මරණයට පත් අය අතර දරුවන් හය දෙනෙකු සහ කාන්තාවන් පහළොස් දෙනෙකු සිටින බව හමුදාව පවසයි.
නාය යාමට හසුව මරණයට පත් අට දෙනෙකුගේ අවසන් කටයුතු අද (අප්‍රේල් 17) කොළොන්නාව පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.
කළු කොඩි
අවමංගල්‍ය පෙරහැරේ ගමන් ගත් ප්‍රදේශවාසීහු බලධාරීන්ට සිය විරෝධය පළ කරමින් කළු කොඩි රැගෙන යනු දක්නට ලැබුණි.
මීතොටමුල්ල කුණු කන්දට කුණු නොදමා එය වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස තමන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියත් වගකිවයුත්තන් ඊට ඇහුම්කන් නොදුන් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.