ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීතොටමුල්ලේ දුක බෙදාගත් ක්‍රිකට් ක්‍රීඩකයෝ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීපදෙනෙක් අද (අප්‍රේල් 19) උදෑසන මීතොටමුල්ලේ සංචාරයක නිරත වූහ.
මීතොටමුල්ල ටෙරන්ස් ද සිල්වා විද්‍යාලයේ පිහිටුවා තිබෙන තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගිය ක්‍රිකට් ක්‍රීඩකයෝ, කුණු කන්ද නාය යෑමෙන් විපතට පත් පිරිස් වෙත සිය කණගාටුව ප්‍රකාශ කළහ.
එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් කියා සිටියේ ළමුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සහාය ලබා දීමට කටයුතු කරන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහාය ඇතිව Cricket Aid වැඩසටහන යටතේ එම කටයුතු සිදු කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය තුළ රූපවාහිනී යන්ත්‍ර හතරක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි.