ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවෝ 'වඳවී යාමේ අවදානමක්'

වීඩියෝ ශීර්ෂ වැකිය, මුහුදු කැස්බෑවෝ

කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම සහ ධීවරයන්ගේ දැල්වලට හසුවන කැස්බෑවුන් මරා මස් ආහාරයට ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදු කැස්බෑවන් වඳවීමේ අවදානමක් පවතින බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

ලොව මුහුදු කැස්බෑ වර්ග හතකින් පහක්ම ශ්‍රී ලංකාව අවට වෙරලබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන බව පෙන්වාදෙන 'ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු' සංවිධානයේ සභාපති වෛද්‍ය ලලිත් ඒකනායක, යුද්ධය නිමවීමත් සමග ධීවරයන් සිය ජීවිකාවේ නිරතවීම සුලබවීම මේ තත්වයට තවත් ප්‍රධාන හේතුවක් බවත් සඳහන් කරයි.

දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට කොස්ගොඩ, තංගල්ල, රැකව, බූන්දල සහ නැගෙනහිර වෙරළේ ප්‍රදේශ කිහිපයක් කැස්බෑවුන් බිත්තර දමන ස්ථාන වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගනු ලැබ තිබේ.

එම කලාප වල සැරිසරන කැස්බෑවුන් සහ කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ තවත් ආයතන කිහිපයක් සහයෝගයෙන් කටයුතු කරන නමුත් එවැනි සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට අපහසු තැන් වල කැස්බෑ බිත්තර මිනිස් ආහාරයට ගැනීම සිදු කෙරෙන බවත් වෛද්‍ය ලලිත් ඒකනායක පෙන්වා දෙයි.

මීගමුව, හලාවත, කන්දකුලිය සහ කල්පිටිය දක්වා වෙරළේ ධීවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බෑවුන් මරා ආහාරයට ගන්නා බව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානය මෑතක දී සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම සමීක්ෂණයට ලක් කෙරුණු වෙරළබඩ පෙදෙස් වල මුහුදු කැස්බෑවුන්ගේ අස්ථි විශාල ප්‍රමාණයක් හමු වූ බව ද වෛද්‍ය ලලිත් ඒකනායක පවසයි.

ශ්‍රී ලංකාවේ වෙරළ වෙත පැමිණෙන මුහුදු කස්බෑවන්

ගල් කැස්බෑවා - Green Turtle (Cheloniamydas)
ඡායාරූප ශීර්ෂ වැකිය, ගල් කැස්බෑවා - Green Turtle (Cheloniamydas)
දාර කැස්බෑවා - Leatherback turtle (Dermochelyscoriacea)
ඡායාරූප ශීර්ෂ වැකිය, දාර කැස්බෑවා - Leatherback turtle (Dermochelyscoriacea)
ඔළුගෙඩි කැස්බෑවා - Loggerhead turtle (Carettacaretta)
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔළුගෙඩි කැස්බෑවා - Loggerhead turtle (Carettacaretta)
පොතු කැස්බෑවා - Hawksbill turtle (Eretmochelysimbricate)
ඡායාරූප ශීර්ෂ වැකිය, පොතු කැස්බෑවා - Hawksbill turtle (Eretmochelysimbricate)
බටු කැස්බෑවා - Olive Ridely turtle (Lepidochelysolivacea)
ඡායාරූප ශීර්ෂ වැකිය, බටු කැස්බෑවා - Olive Ridely turtle (Lepidochelysolivacea)