ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රුසියානු කාන්තාවකට අතවර: පොලිසියේ දෙදෙනෙකු සැකපිට
ගල්කිස්ස වෙරළ තීරයේ සිටි රුසියානු සංචාරක කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා මත, ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ සවස (ජන. 28) අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් බීමත්ව සිටි බවත්, නිලධරීන්ගේ රාජකාරියට බාධා කොට ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සංදේශට පැවසුවේය.
අත්අඩංගුවට ගනු ලැබූ නිලධාරීන් දෙදෙනා අද දින (ජන. 29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
තමන්ට අතවර කිරීමට උත්සාහ කළ බවට රුසියානු කත අදාළ නිලධරීන් දෙදෙනාට එරෙහිව කළ පැමිණිල්ල, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සහ ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් හැසිරීම යන කරුණු සියල්ල යටතේ නීතිය ක්‍රියාත්මක වන බවද පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමටත් පොලිස් විනය නීති සංග්‍රහය යටතේ පරීක්ෂණයක් පැවැත්වීමටත් කටයුතු කරන බවය.