ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වීරවංශ අත්අඩංගුවට
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය(FCID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය ආණ්ඩුවේ ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ඔහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (ජන.10) කැඳවා තිබිණි.
අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් රැගෙන යන අවස්ථාවේ ඒ අවට රැස්ව සිටි ආධාරකරුවෝ ඊට විරෝධය පළ කරමින් හඬ නගන්නට වූහ.