ජනපති පදවි ප්‍රාප්තියට වසර දෙකයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කරමින් විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන ජනපති පදවියට තේරී පත් වී ජනවාරි 08 වැනි දිනට දෙවසරක් සපිරේ.
ඒ නිමිත්තෙන් කොළඹදී පැවැත්වෙන "තිරසර යුගයක් - තෙවසර ඇරඹුම" උත්සවයේ විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප‍්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නයිදු ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ආන්ද්‍රා ප‍්‍රදේශයේ දිළිඳුකම පිටුදැකීමට සහ තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට චන්ද්‍රබාබු නයිදු ගෙන ඇති පියවර ඇගයීමට ලක් කරමින්, පදවි ප්‍රාප්තිය සැමරීමේ උත්සවයේ විශේෂ දේශනයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට ආරාධනා කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, News.lk
2015 ජනවාරි 08 වැනි දින තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේන, ජනවාරි 09 වැනි දින නිදහස් චතුරශ්‍රයේදී දිවුරුම් දී නව ජනාධිපතිවරයා ලෙසින් වැඩ භාරගත්තේය.
ඉන් අනතුරුව එවකට විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේය.




