ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රියදුරු බලපත් ලබාගැනීමට වැඩි උනන්දුවක්
රියදුරු බලපත් සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා පසුගිය දින කිහිපය තුල විශාල පිරිසක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණි බව එම ආයතනයේ සභාපති රෝහණ පුෂ්පකුමාර පවසයි.
ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් පැමිණෙන පිරිසට වඩා දෙගුණයකට වැඩි පිරිසක් පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා පිහිටි තම මධ්‍යස්ථානවලට පැමිණි බවය.
"බහුතරයක් අපිට කියන්නේ රියදුරු බලපත් නැතුව තමයි ඔවුන් එලෙව්වේ කියල" යනුවෙන් ඔහු පැවසීය.
ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ රියදුරු බලපත් නොමැතිව රථ වාහන ධාවනය කිරීමේ දඩය රුපියල් 25,000 ලෙස ඉහල දැමීම මෙන්ම රියදුරු බලපත්‍ර ලබාගැනීමට යන මුදල ඉහළ දමන බවට පැතිර ගිය ප්‍රචාරයක් මෙලෙස ඉල්ලුම වැඩිවීමට හේතු වී ඇති බවය.
මෙ අතර අද මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ දැනට රුපියල් 25,000 දක්වා වැඩිකිරීමට තීරණය කර ඇත්තේ රථ වාහන පැදවීමට සම්බන්ධ වැරදි 7 ක් සඳහා පමණක් බවය.
ඉතිරි දඩ මුදල් ඉදිරියේදී සාකච්චා කර සංශෝධනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ අනෙකුත් රථවාහන වැරදි සඳහා දැනට පවතින දඩ මුදල එසේම ක්‍රියාත්මකවනු ඇති බවය.