ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යාපනය සිසු මරණ: පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ
යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාම සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් පස දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනාගේ සේවය අත්හිටුවා ඇති බවත් නියෝජ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ඒ හිල්මි මොහමඩ් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශිෂ්‍යයන් දෙදෙනා මියයාම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇති අතර, ඒ හා සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
මේ පිළිබඳව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට බීබීසී සංදේශය දරු උත්සාහය සාර්ථක නොවීය.