මාධ්‍යයට තොරතුරු දීම වරදක් නොවෙයි -ශ්‍රේෂ්ඨාධිකරණය

ජනමාධ්‍ය වලට තොරතුරු ප්‍රකාශ කිරීමේ චෝදනා මත කොළඹ මහානාම විදුහලේ ගුරුවරියකගේ වැඩ තහනම් කිරීමට අධ්‍යාපන බලධාරීන් ගත් තීන්දුව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අදාළ විදුහලේ ගුරුවරියක වන සමන්ති පල්ලෙකැටිය විසින් ඉදිරිපත් කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමිනුයි අධිකරණය මේ බව කියා සිටියේ.
පෙත්සම්කාර ගුරුවරිය අධිකරණයට කියා සිටියේ මහානාම විදුහලේ විදුහල්පතිවරයා විසින් සිදු කරනු ලබන දුෂිත ක්‍රියා පිලිබඳ තොරතුරු රැසක් මාධ්‍ය හමුවකදී තමන් හෙළිදරව් කළ බවයි.
ඉන්පසුව පලිගැනීමක් වශයෙන් සිය සේවය අත්හිටුවීමට කටයුතු කෙරුණු බවයි ඇය අධිකරණය හමුවේ කියා සිටියේ.
වැඩ තහනම් කිරීම තුළින් පෙත්සම්කාරියගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බව තීන්දු කළ අධිකරණය පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබු මහානාම විදුහලේ විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි සහ ගුරුවරයෙකු වන තුසිත මාලගොඩ යන පුද්ගලයන් විසින් පෙත්සම්කාරියට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවද නඩු තීන්දුවෙන් නියෝග කර තිබුණි.

නඩු තීන්දුව පිලිබඳ අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම තීන්දුව රාජ්‍ය සේවකයින් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවයි.
'රාජ්‍ය සේවකයින්ට ජනමාධ්‍යවලට අදහස් ප්‍රකාශ කිරීම තහනම් කරමින් විවිධ විවිධ සිමා පනවා තිබෙනවා. එම නඩු තීන්දුව හරහා එවැනි සිමා ඉවත් කර තිබෙනවා. මේ හරහා රාජ්‍ය සේවකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තවත් ශක්තිමත් වී ඇති බවයි අපි කියා සිටින්නේ. මේ නිසා රජය මෙම නඩු තීන්දුව ප්‍රයෝජනයට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් ශක්තිමත් කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන ගෙන ඒමට ක්‍රියාකළ යුතුයි' ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කළේය.




