ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු සහ නැගෙනහිර ආසියාවේ සීකා රෝගීන් නැහැ - WHO
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයෙන් එක් සීකා රෝගියකු හෝ වාර්තා වී නොමැති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං ඒ බව කියා සිටියේ කොළඹ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කමිටු සැසි වාරයේ ආරම්භක දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
කෙසේ වෙතත් සීකා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇය සඳහන් කළාය.
අප්‍රිකාවේ සහ ආසියාවේ කලාප රැසක පැතිරෙමින් පවතින සීකා වෛරසය පුද්ගලයන් කෝටි දෙසීයකට වැළඳීමේ තර්ජනයක් පවතින බව බ්‍රිතාන්‍යයේ ලාන්සෙට් (The Lancet) විද්‍යා සඟරාවේ පසුගියදා පළ විය.
'මැලේරියාවෙන් නිදහස්'
ඉන්දියාව, ඉන්දුනීසියාව සහ නයිජීරියාව යන රටවල සීකා වෛරසය පහසුවෙන් පැතිරීමට ඉඩකඩ පවතින බව නව සමීක්ෂණ වලින් හෙළි වී ඇති බවත් එහි සඳහන් විය.
මේ අතර ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පුර්ණයෙන් තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් අද දින සහතික කරනු ලැබිණ.
'මේක ශ්‍රී ලංකාව ලද විශිෂ්ට ජයග්‍රහණයක්. විසි වන සියවසේ මැද භාගය වන විටත් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් දැඩිව පීඩා විඳි රටක්. නමුත් දැන් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස්' ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් සිං කියා සිටියාය.
සමුළුව දින පහක් පුරා පැවැත්වෙන අතර ඒ සඳහා කලාපයේ සෞඛ්‍යය අමාත්‍යවරුන් ඇතුළු විදේශීය සෞඛ්‍යය බලධාරීන් 200 දෙනෙක් සහභාගී වී සිටිති.